Pages

Tuesday, December 7, 2010

යුධ අපරාධ හෝ ඩයස් පෝරාව යනුවෙන් කිසිදු සදහනක් ම‍ගේ ප්‍රකාශයේ නැහැ- කරූ


- ශ්‍රී ලංකාවේ යුධ අපරාධ සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්විය යුතු බවට එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක කරූ ජයසුරිය මහතා කළ බව කියන ප්‍රකාශයක් පිළිබදව රජය අද පාර්ලිමේන්තුදී සිය ස්ථාවරය අනාවරණ කළේය.

සභානායක අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවසුවේ, ත්‍රිවිධ හමුදාව හෝ පොලීසිය කිසිදු යුධ අපරාධයක් කර නොමැති බවය. ජාත්‍යාන්තර ප්‍රජාවට පවා රජය ඒ බව දන්වා ඇතැයි, අමාත්‍යවරයා සදහන් කළේය. ඔහු පෙන්වා දෙනු ලැබු‍වේ,  හැකිනම් කරූ ජයසුරිය මහතාට ඒ පිළිබද උගත් පාඩම් හා ප්‍රතිසන්ධාන පිළිබද කමිටුව හමුවට සාක්ෂි ඇතිව කරුණු ඉදිරිපත් කළ හැකි බවය.

තමා යුධ අපරාධ හෝ ඩයස් පෝරාව යනුවෙන් කිසිදු සඳහනක් නොකළ බව ඊට ප්‍රතිචාර දැක්වූ කරූ ජයසුරිය මහතා අවධාරණය ක‍ළේය. ඔහු පැවසුවේ, තමන් රටට ආදරය කරන අයෙකු බවය. රටට චෝදනාවක් තිබේ නම් එය ලොවට පහදා දෙන ලෙස තමා ඉල්ලීමක් කළ බව කරූ ජයසුරිය මහතා පැපැවසීය.

ඒ අතර විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පැවසුවේ, රණවිරුවන් පාවාදීමට එක්සත් ජාතික පක්ෂය සූදානම් නැති බවය. එහෙත් සරත් ෆොන්සේකා මහතා සිරගත කිරීම රණවිරුවන් පාවාදීමක් බව විපක්ෂ නායකවරයා සදහන් කළේය.
 

No comments:

Post a Comment