Pages

Friday, December 17, 2010

ජීවත්ව සිටින තුරු එජාපයේ නායකයා රනිල් පමණයි

ජීවත්ව සිටින තුරු එජාපයේ නායකයා රනිල් පමණයිරනිල් වික්‍රමසිංහ මහතා ජීවත්ව සිටින තෙක් එක්සත් ජාතික පක්ෂයේ නායකයා ඔහුම පමණක් බව වැවිලි කර්මාන්ත නියෝජ්‍ය අමාත්‍ය අර්ල් ගුණසේකර මහතා පවසයි. එමෙන්ම ඔහු ජීවත්ව සිටින තුරු තවත් වසර 25 ක් ඔහු විපක්ෂ නායකයා ලෙස කටයුතු කරන බව ද ඔහු පෙන්වාදෙයි.

එක්සත් ජාතික පක්ෂයේ ව්‍යවස්ථාව වෙනස්කළ බව පැවසීම මුසාවක් පමණක් බවත් ඒ මහතා සඳහන් කරයි. එක්සත් ජාතික පක්ෂය මෙරට හොඳ මහත්වරුන්ගේ දැවැන්ත පක්ෂයක් බවද ගුණසේකර මහතා මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ප්‍රකාශ කළේය.

නායකයාගේ ක්‍රියා කලාපය නිසා එම පක්ෂ අවාසනාවන්ත ඉරණමකට මුහුණ පා ඇති බව ද එහිදී හෙතෙම අවධාරණය කර සිටියේය.

පක්ෂ මහ සම්මේලනය මගින් සිදුකළේ සීනිබෝල විසඳුම් පමණක් ලබාදීම බව ද, ඒ සඳහා රනිල් වික්‍රමසිංහ මහතා දක්ෂයෙකු බවද ඔහු පෙන්වාදෙයි.

විපක්ෂනායක තනතුරු සදාකාලිකවම ලබාදී සිටියදී එක්සත් ජාතික පක්ෂයට තවත් පත්වීම් අනවශ්‍ය බව නියෝජ්‍ය අමාත්‍යවරයා අවධාරණය කරයි. සජිත් ප්‍රේමදාස මහතාට පක්ෂයේ නායකත්වය ලබාගැනීමට තවත් වසර 20 න් පමණ ගතවනු ඇතැයි ද ඔහු පවසයි.

එක්සත් ජාතික පක්ෂය වැනි පක්ෂයකට අත්වූ ඉරණම පිළිබඳව කනගාටුවට පත්වන බව ද හෙතෙම කියා සිටියේය. 

No comments:

Post a Comment