Pages

Wednesday, December 8, 2010

හොරට වීසා ගන්න හැදූ බව කියූ නදී චන්ද්‍රසේකර නිදොස් කොට නිදහස්

හොරට වීසා ගන්න හැදූ බව කියූ නදී චන්ද්‍රසේකර නිදොස් කොට නිදහස්


වීසා අයදුම් කිරීම සඳහා ව්‍යාජ ලේඛන ඉදිරිපත් කළ බවට චෝදනා ලබා සිටි ජනප්‍රිය ටෙලි නාට්‍ය ශිල්පිණි නදී චන්ද්‍රසේකර නිදොස් කොට නිදහස් කරන්නට අද(08)කොළඹ මහාධිකරණය තීන්දු කර තිබේ.

ඇමරිකාවේ ලෝස් ඇන්ජලීස්හි පිහිටි සිනමා කොලීජියක අධ්‍යාපනය ලැබීම සඳහා ශිෂ්‍යත්වයක් ලබා සිටි ඇය වීසා ලබා ගැනීම සඳහා මෙරට ඇමරිකානු තානාපති කාර්යාලයට ඉදිරිපත් කරනු ලැබූ ලේඛන ව්‍යාජ ඒවා බවටත්,එමගින් වීසා විමර්ශන නිලධාරියා රැවටූ බවටත් චෝදනා එල්ල කරමින් ඇයට නඩු පවරනු ලැබුවේ 2009 වසරේ ‍අප්‍රේල් මාසයේදීය. 

තම සේවාදායකයාට දණ්ඩ නීති සංග්‍රහයේ 454 වගන්තිය සමග කියවිය යුතු 459 වගන්තිය යටතේ ව්‍යාජ ලේඛන ඉදිරිපත් කිරීමට අදාළ චෝදනා ඉදිරිපත් කර තිබුණද,පැමිණිල්ලි පාර්ශවයට මූලික සාක්ෂි හෝ ගොනු කිරීමට හැකියාවක් නොලැබුණු බව නදී චන්ද්‍රසේකර වෙනුවෙන් පෙනී සිටි මහාධිකරණ නීතිඥ මොහාන් සෙල්ලප්පෙරුම මහතා අද දෙරණට කියා සිටියේය.

අවම වශයෙන් මෙම සිදුවීම සිදුවූ දිනය හෝ පැහැදිලිව අධිකරණයට ඉදිරිපත් කරන්නට පැමිණිලි පාර්ශවයට නොහැකි වූ බව නීතිඥවරයා පෙන්වාදුන්නේය.

තමන්ට අභූත චෝදනා එල්ල කරමින් තමන්ගේ අධ්‍යාපන කටයුතු කඩා කප්පල් කරන්නට ඇතැමුන් උත්සාහ දැරුවද තමන්ගේ නිර්දෝෂිභාවය මේ වන විට තහවුරු වී ඇතැයිද,ඒ නිසා ඉදිරියේදී තමන් යළි ඇමරිකාවේ අධ්‍යාපන කටයුතු සඳහා සහභාගී වීමට කටයුතු සලසා ගන්නා බවද නදී චන්ද්‍රසේකර අද දෙරණට කියා සිටියේය. 

No comments:

Post a Comment