Pages

Thursday, December 23, 2010

බිඳවැටී ඇති ස්කයිප් සේවාව යථා තත්ත්වයට පත් කිරීමට පියවර


මේ වන විට ලොව පුරා බිඳවැටී ඇති අන්තර් ජාලය හරහා දුරකථන පහසුකම් ලබාදෙන ස්කයිප් සේවාව යථා තත්ත්වයට පත් කිරීමට එම සේවා ආයතනය කටයුතු කරමින් සිටී.

ඊයේ (දෙසැ. 22) උදෑසන සිට එම සේවාවට බාධා සිදුවූ අතර, ඉන් පුද්ගලයින් මිලියන ගණනාවක් අපහසුතාවයට පත්ව සිටී.

එම සේවාව මෙවැනි සේවා බිඳවැටීමකට මීට ප‍්‍රථමයෙන් ලක් වූයේ 2007 වසරේදීය.

ස්කයිප් සේවාව ක‍්‍රමක‍්‍රමයෙන් යථා තත්ත්වයට පත් කරමින් තිබෙන බව එම සේවා ආයතනයේ ප‍්‍රධාන විධායක ටෝනි බේට්ස් කියා සිටී.

මෙම සේවා බිඳවැටීම සම්බන්ධයෙන් ස්කයිප් භාවිතා කරන්නන්ගෙන් තමන් සමාව ඉල්ලා සිටින බව ඔහු කියා සිටී.

ඊට හේතුවී ඇති තාක්‍ෂණික දෝෂය හෝ දෝෂයන් විසඳා, සේවාව හැකි ඉක්මනින් සම්පූර්ණයෙන්ම යථා තත්ත්වයට පත් කරන බව බේට්ස් පවසයි
.

No comments:

Post a Comment