ශ‍්‍රී ලංකාවට එරෙහිව සාවද්‍ය යුද අපරාද චෝදනා නඟන රටවල් එල්ටීටීඊ සංවිධානයට හොර රහසේ අවි ආයුධ සපයමින් ආයුධ නැව් පවා ලියාපදිංචි කර ඇති බවට සාක්ෂි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් බෑන් කී මූන් වෙත ඉදිරිපත් කිරීමට ශ‍්‍රී ලංකා රජය තීරණය කර ඇත.බටහිර රටකට අයත් යැයි සඳහන් කර තිබූ ප‍්‍රහාරක අවිද රේඩාර් යන්ත‍්‍රද ආරක්ෂක හමුදාව විසින් සොයාගෙන ඇත.
මේ හැර ජාත්‍යන්තර වානිජ නැව් පිළිවෙත උල්ලංඝනය කරමින් එල්ටීටීඊෙ අවි ආයුධ නැව් සියල්ලම ලියාපදිංචි කර තිබුණේ ජාත්‍යන්තර නාවික ආයතනයේ බවට සාක්ෂිද ශ‍්‍රී ලංකා රජය සතුව ඇතැයි ජ්‍යෙෂ්ඨ ආරක්ෂක නිලධාරියෙක් පැවසීය.
නන්දිකඩාල් සහ මුලතිව්හිදී ආරක්ෂක හමුදාව සොයාගත් විද්යුත් උපාංග හා වෙනත් උපකරණ රැුසක්ම බි‍්‍රතාන්‍යයේ නිෂ්පාදන යැයි ද හෙළි වී ඇත.
No comments:
Post a Comment