Pages

Tuesday, December 7, 2010

කොල්ලුපිටියේ සුපිරි ගණිකා නිවසක් වටලයි: දෙස් විදෙස් කතුන් 5ක් දැලේ


 කොල්ලුපිටිය ප්‍රදේශයේ පවත්වා‍ගෙන ගිය සුපිරි ගණිකා  නිවසක් වැටලු පොලීසිය එහි සිටි කාන්තාවන් පස් දෙනෙකු අත්අඩංගුවට ගෙන ති‍බේ. අදාළ කාන්තාවන් අතර ලාංකික කාන්තාවෝ තිදෙනක් සහ උස්බෙකිස්ථාන කාන්තාවෝ දෙදෙනක් වෙති. 
කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලබා ගත් විශේෂ  වරෙන්තුවක මත වලාන දූෂණ මර්දන අංශයේ නිලධාරීහු එම වැටලීම් කළහ.

පොලීසියේ උසස් නිලධාරීයෙකු පැවසුවේ, කොල්ලුපිටියේ ප්‍රසිද්ධ වෙළද සංකීරණයක 7 සහ 8වන මහල්වල එම ගණිකා නිවාසය පවත්වා ගෙන ගොස් ඇති බවය.

රුපියල් ලක්ෂ 3කට ආසන්න මුදල් තොගයක් සහ රුපියල් ලක්ෂ 10ක් පමණ වටිනා දෙස් විදෙස් මත්පැන් තොගයක්ද එහි තිබී පොලිස් භාරයට ගෙන ඇත.

අදාළ ගණිකා නිවාසය පවත්වා ගෙන ගිය ප්‍රධාන සැකකාරිය සහ තවත් 10 දෙනෙකු විදුලි සෝපානය ඔස්සේ පලා ගොස් ඇතැයිද පොලීසිය පැවසීය.

අත්අඩංගුවට පත් කාන්තාවන් සහ භාණ්ඩ අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගන්නා බව පොලීසිය පැවසීය.

No comments:

Post a Comment