Pages

Sunday, December 19, 2010

ප්‍රියා සූරියසේනගේ මද්දුම දියණිය ඉරෝෂී, කසුන් යුවළ ආසිරි ගී මැද

උඳුවම් මහේ සීතල අතරින් යුග දිවියට සැපත් මේ කුල කුමරිය ගී ලොව සරතැස නිවූ ප්‍රියා සූරියසේනගේ මද්දුම දියණිය ඉරෝෂීයි. ඉරෝෂීගේ අත ගත් වාසනාවන්ත කුල කුමරු වූයේ කසුන් පතිරණයි. ටාජ් සමුද්‍රා හෝටලයේ බෝල්රූම් ශාලාවේ පැවැති මේ සොඳුරු යුග දිවියට සුබ පතන්නට කලා ලොවේ හිතවතුන් පැමිණි අයුරු ටෙනිසන් එදිරිසිංහගේ තෙවැනි ඇසට හසු වූ අයුරුයි මේ.
 
ඉරෝෂී, කසුන් යුවළ ආසිරි ගී මැද
මනාලියගේ හිතවතියන්, මනාලයාගේ හිතවතුන් සමඟ මල් කුමර කුමරියන් ආසිරි ගී මැද . .
පහන් සිල දැල්විලා - යුග දිවියම එළිය වීවාසනා වේවා යැයි සුබ පතන්න සනත්, මල්කාන්ති යුවළත් ඇවිත්.
අමාත්‍ය ටී. බී. ඒකනායක ප්‍රියා හා බිරිඳ සමඟින් මනාල යුවළට සුබපතමින්.ඇන්ජලින් ගුණතිලක සිය සැමියා ලෙස්ලි සමඟ ඉරෝෂි, කසුන්ට
සුබපතන්න ඇවිත්.
සිසිර, ඉන්ද්‍රාණි යුවළ මංගල නැකතින් යුග දිවියට සැපත් කසුන්, ඉරෝෂිට ආසිරි ගෙන එමින්.මහාචාර්ය සුනිල් ආරියරත්න හා නන්දා මාලිනිය නව යුවළ සමඟින්.
තුරු මතේ කුසුම් පිපෙන යුග දිවියට සමන් ද සිල්වා හා ප්‍රියංකරත් එක් වී.ජයන්ත ධර්මදාස මහතා හා බිරිද නව යුවළ සමඟින්.
කුලරත්න ආරියවංශ, ප්‍රේම් දිසානායක, ජානක වික්‍රමසිංහ, එඩ්වඩ්, චරිතා, විජය රාමනායක, සුසිල් ප්‍රනාන්දු,
ප්‍රියාගේ දියණියට සුබ පතන්න ඇවිත්.
පුන්සිරි යුවළ, වෝල්ටර් ප්‍රනාන්දු, වික්ටර් රත්නායක, දයාරත්න – අමරා නව යුවළට පැතුම් ගෙන එමින්.ධනපාල උඩවත්ත, රෝහණ බෝගොඩ, රූපා ඉන්දුමතී, රෝහණ හෙට්ටිආරච්චි, ප්‍රසාන්ති ප්‍රනාන්දු නව යුවළ සමඟින්.

No comments:

Post a Comment