Pages

Monday, December 20, 2010

කොළඹ ආරක්ෂක කැමරා හෙට සිට ක්‍රියාත්මකයි


Monday, 20 December 2010
කොළඹ නගරයේ ස්ථාපනය කර ඇති ආරක්ෂක කැමරා පද්ධතිය හෙට (21) විවෘත කිරීමට නියමිතය.

ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙය සිදුකෙරෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී ප්‍රිශාන්ත ජයකොඩි මහතා සඳහන් කළේය.

කොළඹ නගරය තුළ ආරක්ෂාව තහවුරු කිරීමේ අරමුණින් මෙම නව ආරක්ෂක කැමරා පද්ධතිය ස්ථාපනය කෙරුණි.

අපරාධකරුවන්, කොල්ලකල්ලි, කප්පම්කරුවන් සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් ‍පොලීසියට හසුකර ගැනීම සඳහා දිවයිනේ සියලුම නගරවල ආරක්ෂක කැමරා සවිකිරීමට තීරණය කර ඇත.

මෙම ආරක්ෂක කැමරා සවි කිරීමෙන් පසුව ඒවා අධීක්ෂණයට නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු හා පොලිස් අධිකාරීවරයෙකු ඇතුළු විශේෂ කණ්ඩායමක් පත්කෙරේ.

No comments:

Post a Comment