Pages

Wednesday, December 22, 2010

යුද මුක්ත කලාපයේ සිටි වෛද්‍යවරුන් පස්දෙනාට පසුව බලපෑම් - විකිලීක්ස්



අවසන් යුද සමයේ යුද මුක්ත කලාපයේ සේවය කළ වෛද්‍යවරුන් පස්දෙනා විසින් කරනු ලැබූ ප‍්‍රකාශ ඉල්ලා අස්කර ගැනීමට ඔවුන්ට පසුව බලපෑම් එල්ල වූ බවට ඇමෙරිකානු රාජ්‍ය තාන්ත‍්‍රික කේබල් පණිවුඩයක් කියා සිටී.
‘විකිලීක්ස්’ විසින් ශී‍්‍ර ලංකාව සම්බන්ධයෙන් කළ හෙළිදරව්වට අනුව, කොළඹ පිහිටි ඇමෙරිකානු තානාපති කාර්යාලයේ නිලධාරියෙකු වන ජේම්ස් මුවර් විසින් ඒ බව 2009 අගෝස්තු 23 වැනිදා වොෂින්ටන්හි රාජ්‍ය දෙපාර්තමේන්තුවට දන්වා යවා තිබේ.

පසුගිය වසරේ ජූලි මාසයේදී එම වෛද්‍යවරුන් පැවැත්වූ මාධ්‍ය හමුව වෙනුවෙන් ඔවුන් පුහුණු කිරීම දේශීය මාධ්‍යවේදීන් පිරිසක් ඉදිරියේ සිදු කරනු ලැබූ බවද එහි සඳහන් වේ.

යුද්ධය පැවති සමයේ තමන් සාවද්‍ය ප‍්‍රකාශ සිදු නොකළ බවට එම පිරිස පැවසූ බවත් එම කේබල් පණිවුඩයෙහි දැක්වේ.
 

No comments:

Post a Comment