Pages

Sunday, December 19, 2010

ෆොන්සේකා වෙනුවෙන් ආශිර්වාද පූජාවට විශාල ජන සහභාගීත්වයක්



ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජාතික සන්ධානයේ නායක සරත් ෆොන්සේකා මහතාගේ 60 වැනි ජන්ම දිනය වෙනුවෙන් ඊයේ (දෙසැ. 18) මහනුවර දළදා මාළිගාවේ ආශිර්වාද පූජාවක් පැවැත්විණ.
ඊට ආණ්ඩුවේ බාධා කිරීම් සිදුවුවද, විශාල ජන සහභාගීත්වයකින් යුක්තව එම පූජාව පැවැත්වූ බව ප‍්‍රජාස ආරංචි මාර්ග පවසයි.

පූජාව ආරම්භ කිරීමට පෙර එම ස්ථානයට පැමිණි පිරිස් වෙත ප‍්‍රජාස විසින් ලබාදුන් ෆොන්සේකා මහතාගේ රුව සහිත පත‍්‍රිකා සියල්ල පොලීසිය භාරයට ගනු ලැබූ බව වාර්තා වේ.

එමෙන්ම පහන් පූජාව සදහා ෆොන්සේකා මහතාගේ නම පිළිඹිබු වන සේ සකස් කළ පහන් සියල්ල ඉවත් කිරීමට ආරක්ෂක අංශ කටයුතු කර තිබේ.

මෙම ආශිර්වාද පූජාව සඳහා ප‍්‍රජාස නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් වන අර්ජුන රණතුංග, ටිරාන් අලස්, එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් වන ලක්‍ෂමන් කිරිඇල්ල හා වෛද්‍ය ජයලත් ජයවර්ධන යන මහත්වරුන්ද ඇතුළු මහජන නියෝජිතයින් සහ සංවිධාන රැුසක නියෝජිතයින් සහභාගී වී තිබේ.

No comments:

Post a Comment