Pages

Thursday, December 2, 2010

එංගලන්ත හා යුරෝපීය පාර්ලිමේන්තු කණ්ඩායම ජනපති හමුවේ


Thursday, 02 December 2010
බ්‍රිතාන්‍යයේ සංචාරයක නිරත වී සිටින ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහ එංගලන්ත හා යුරෝපීය පාර්ලිමේන්තු කණ්ඩායමක් අතර සාකච්ඡාවක් ඊයේ (01) පැවැත්විණි.

මෙම සාකච්ඡාව ඉතා සුහද අන්දමින් පැවැති අතර එම පිරිස ජනාධිපතිතුමා සමඟ දිවා භෝජන සංග්‍රහයකට ද සහභාගී වූහ.

මෙම අවස්ථාවට විදේශ කටයුතු අමාත්‍ය ජී.එල්. පීරිස් , උසස් අධ්‍යාපන අමාත්‍ය එස්.බී. දිසානායක යන මහත්වරුන් ද පළාත් සභා මන්ත්‍රී නවුසර් ෆවුසි සහ බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් නිහාල් ජයසිංහ යන මහත්වරු ද සහභාගී වූහ.

එංගලන්ත හා යුරෝපීය පාර්ලිමේන්තු කණ්ඩායම නියෝජනය කරමින්කොන්සර්වේටිව් පක්ෂ සභාපති සැමී නැසබි, කොන්සර්වේටිව් පක්ෂයේ සහ සාමි මන්ත්‍රී මණ්ඩලයේ සාමි ශේක්, සාමි දොලකියා, සාමි ග්‍රොකොට්, සොල්ටෙයාර් හි සාමි වොලස්, නර්ජ් දේවා, ජෙෆරි වෑන් ඔර්ඩන්, ජෙම්ස් ‍වොර්ටන්, නයිජල් ඉවෑන්ස්, ඩේවිඩ් ඇමස් මහත්වරු සහභාගී වූහ.



No comments:

Post a Comment