Pages

Tuesday, December 14, 2010

සුපිරි ගණිකා මඬමේ ‘ජිනා’ අත්අඩංගුවට


කොල්ලූපිටියේ ලිබර්ටි ප්ලාසාහි 7 - 8 සුපිරි ගණිකා මඬමක් පවත්වා ගෙන ගිය ‘ජීනා’ නැමැත්තිය විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් ඊයේ (13) අත්අඩංගුවට ගෙන තිබේ.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ  තම ස්වරූපය වෙනස් කිරීමට රූපලාවන්‍ය මධ්‍යස්ථානයට ගොස් සිටින අවස්ථාවේ ලද තොරතුරුකට අනුව බව වාර්තා වේ.

මීට ඉහතදීද ඇයට එරෙහිව මහාධිකරණය විසින් වරෙන්තුවක් නිකුත් කර ඇති බවද ඒ අනුව ඇය අත්අඩංගුවට ගැනීමට පරීක්‍ෂණ පැවැත්වූ පොලීසිය එම කාන්තාව අත්අඩංගුවට ගත් බවත් වාර්තා වේ.
ඇය විසින් පවත්වාගෙන ගිය මෙම ගණිකා මඬමට දේශපලානඥයන්, පොලීසියේ ඉහළ නිලධාරීන්, ඇතුළු හමුදාවේ ඉහළ නිලධාරීන්ද, ඉහළ තරාතිරම්වල පුද්ගලයින් ද පැමිණුනු බව හෙළි වී ඇතැයිද එසේ එන යන අයගේ නම් ගම් රැුසක් මේ වන විට ජීනා මැඩම් විසින් හෙළි කරමින් පවතින බවත් පොලිස් අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි.

මේ පිළිබඳව නියෝජ්‍ය පොලිස්පතිතුමාගේ අධීක්‍ෂණය යටතේ කොළඹ අපරාධ කොට්ඨාශයේ ප‍්‍රධාන පොලිස් පරීක්‍ෂක පිරිසක් විසින් වැඩිදුරට පරීක්‍ෂණ පවත්වන බවද වාර්තා වේ.

No comments:

Post a Comment