Pages

Friday, December 3, 2010

අමාත්‍ය විමල් වීරවංශ

Image

බ්‍රිතාන්‍යයේ කොටි හිතවාදී පිරිස් ත්‍රස්තවාදීන් පිනවමින් ප්‍රභාකරන්ට රාජ්‍යයක් ලබා දීමේ අරගලයක යෙදී සිටි බවත්, මේ වන විට ඔවුනගේ ඒ සියලු අපේක්ෂා භංගත්වයට පත් වී ඇති නිසා මෙසේ ශ්‍රී ලංකාවට කෙණෙහෙළිකම් කරන බව ඉදිකිරීම්, ඉංජි‍නේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍ය , ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා ප්‍රකාශ කරයි. අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ අද (02) පැවැති මාධ්‍ය හමුවක ට එක්වෙමිනි.

බ්‍රිතාන්‍යයේ ද තහනම ලක්වු එල්ටීටීඊ සංවිධානයේ ධජය යටතේ දෙමළ ඩයස්පෝරාව, ප්‍රජාත්‍රන්ත්‍රවාදී ජාතික පෙරමුණේ පිරිස්, එක්සත් ජාතික පක්ෂයේ පිරිස් මෙන් ම රාජය නොවන සංවිධානයන්ද මෙම පහත් ක්‍රියාවන් පිටුපස සිටින බව ද පැවැසීය.

ශ්‍රී ලංකාවේ පසුගිය කාලයේ පැවැති යුද සමයේ වුව ද විදේශ රාජ්‍ය නායකයින් දිවයිනට පැමිණි බවත්, ඒ සියලු රාජ්‍ය නායකයින් කිසිදු බාධාවකින් තොර ව තමන් පැමිණි සියලු කාරණාවන් ඒ ආකාරයෙන් ම කරගෙන ආරක්ෂාකාරී ලෙසින් දිවයිනෙන් පිටත්ව ගිය බව පැවැසු අමාත්‍යවරයා තමන් ආරක්ෂාව අතින් අසාර්ථක ම රාජ්‍ය ලෙසට බ්‍රිතාන්‍ය මේ වන විට මුළු ලෝකයට ඔප්පු කර අවසන් බවත් යුද්ධය පැවැති සමයේ ශ්‍රී ලංකාවේ දී රාජ්‍ය නායකයින්ට ලබා දුන් තරමේ වත් ආරක්ෂාවක් රාජ්‍ය නායකයෙකු ට ලබා දිය නොහැකි තත්ත්වයේ ඔවුන් පසුවන බවද ලෝකයටම හඟවා අවසන් බව ද ප්‍රකාශ කළේය.

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට ඔක්ස්ෆර්ඩ් ශිෂ්‍ය සංගමය විසින් කරනු ලැබු ආරාධනයක් අනුව එහි ගිය බවත්, මේ සඳහා ආරාධනා කොට ඇත්තේ විශ්වවිද්‍යාල බලධාරීන්ගේ අනුමැතිය මත බවත් ප්‍රකාශ කළ අමාත්‍යවරයා බ්‍රිතාන්‍ය රජය තමන්ගේ ආරාධනයක් අනුව එරට ට පැමිණි රාජ්‍ය නායකයෙකුට ත්‍රස්තවාදී හිතවාදීන්ට බාධා කරන්නට ඉඩ දී බලා සිටීමෙන් බ්‍රිතාන්‍ය රජයේ නොහැකියාව ප්‍රදර්ශනය වන බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේය



No comments:

Post a Comment