Pages

Saturday, December 18, 2010

ලන්ඩන් උද්ඝෝෂණයට සහභාගී වූ අය මෙරටට පැමිණිය හොත් අත්අඩංගුවට



ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ලන්ඩනයට ගිය අවස්ථාවේදී ඔහුට එරෙහිව විරෝධතාවයේ යෙදුණු ශ‍්‍රී ලාංකිකයින් පිළිබඳව බුද්ධි අංශ විශේෂ විමර්ශනයක් අරඹා ඇති බවත්, අදාළ විරෝධතා උද්ඝෝෂණය වීඩියෝ පට බුද්ධි අංශ විසින් අධ්‍යයනය කරමින් ඊට අදාළ පුද්ගලයන් පිළිබඳ තොරතුරු එක්රැුස් කිරීම දැනටම අරඹා ඇති බවත්, ඒ අනුව එම විරෝධතාවයට සහභාගී වු පුද්ගලයන් මෙරටට පැමිණය හොත් ඔවුන් අත්අඩංගුවට ගැනීමට නියමිත බවත් රජයේ බුද්ධි අංශ උපුටා දක්වමින් ‘ලක්බිම’ පුවත්පත අද වාර්තා කර තිබේ.
‘‘යුරෝ්පයේ සිට මෙරටට පැමිණෙන කොටි හිතවාදීන් එනවාදැයි පරීක්‍ෂණ..’’ ප‍්‍රධාන සිරස්තලයෙන් යුතුව පළ කර ඇති එම වාර්තාවේ, යුරෝපයේ සිට ශ‍්‍රී ලංකාවට පැමිණෙන ශ‍්‍රී ලාංකිකයින් අතර එල්ටීටීඊ හිතවාදී නියෝජිතයින් පැමිණේදැයි යන්න ගැන බුද්ධි අංශ මගින් විශේෂ පරීක්‍ෂණයක් ආරම්භ කර ඇති බවද සඳහන් වේ.

සංක‍්‍රමණික ඊළාම් රාජ්‍ය ප‍්‍රචාරය කරන එල්ටීටීඊ හිතවාදීන් මෙරටට ඇතුළු වීම වැළැක්වීම සඳහා ආරක්‍ෂක බුද්ධි අංශ ඒකාබද්ධ වැඩසටහනක් ආරම්භ කර ඇති බවද එම වාර්තා වේ සඳහන් වේ

No comments:

Post a Comment