Pages

Sunday, December 19, 2010

මම පවුල් ජීවිතයටයි මුල් තැන දෙන්නේ

මම පවුල් ජීවිතයටයි මුල් තැන දෙන්නේ
යළි රංගනයට පැමිණි වත්සලා කියයි

"ඒවා බොරු කතා..."
  නාලන් මෙන්ඩිස්‌ගෙ සෙනෙහසට ආදරේ මේනකා තුළින් රංගනයට පිවිසි ඇය ගොඩක්‌ දෙනා හඳුනාගත්තේ මුතු කිරිල්ලීහි නිරාශා චරිතයෙනි. නිරාශා චරිතයෙන් රටම හඳුනාගත් වත්සලා දියලගොඩ විවාහයෙන් පසුව රංගනයෙන් සමුගන්නවා කියලා තමයි මාධ්‍යයට පැවසුවේ. විවාහයෙන් වසරකට පසුව යළිත් ඇය රංගනයට ඇවිත්. ඒ වාසනා වේවා ටෙලිනාට්‍යයේ අමාලි චරිතයෙන්. වත්සලාගේ මේ වෙනස දැනගන්න අපි ඇය ඇමතුවා.

වත්සලා කොහොමද ඉතිං ?

ගොඩක්‌ හොඳින් ඉන්නවා. පසුගිය දවස්‌ ටිකේ නම් ටිකක්‌ විතර කාර්ය බහුල වුණා.

ඇයි මේ රංගනයෙන් ඈත් වෙනවා කියලා ආපහු ආවෙ ?

රංගනයෙන් ටිකක්‌ ඈත්වෙලා තමයි හිටියෙ. විවාහයෙන් පස්‌සේ අවුරුද්දක්‌ විතර කිසිම දෙයකට සම්බන්ධ වුණේ නැහැ. ඒත් මට ආරාධනා නම් ගොඩක්‌ ලැබුණා. ඒවා හැම එකක්‌ම ප්‍රතික්‌ෂේප කළා. එහෙම ඉන්න කොට තමයි නාලන් මෙන්ඩිස්‌ මහත්තයා ඇහැව්වෙ "වාසනා වේවා" කියලා ටෙලි නාට්‍යයක්‌ කරනවා සම්බන්ධ වෙන්න පුළුවන් වෙයිද කියලා. පස්‌සෙ මම තිර පිටපත කියවලා බැලුවා. ඇත්තටම ගොඩක්‌ හොඳයි කියලා ඒ වෙලාවෙ හිතුන නිසා මම සැමියාගෙන් ඇහැව්වා මේ නාට්‍යය භාරගන්නද කියලා. ඔහු ඒ සඳහා කැමැත්ත දුන්නා. මමත් බලාපොරොත්තුවක්‌ තියාගෙන හිටියෙ නැහැ. ඒකත් සාමාන්‍ය ආරාධනාවක්‌ වගෙයි තිබුණේ.

ගොඩක්‌ වෙලාවට ඔයා තෝරගන්නෙ නාලන් මෙන්ඩිස්‌ මහත්තයගෙ නාට්‍ය කියන්නේ ඇත්තද?

නැහැ. එහෙම දෙයක්‌ නැහැ. මම නාලන් මහත්තයා සමග කරන දෙවැනි නාට්‍යය තමයි මේක. කොහොමත් ඔහුගේ නාට්‍යය හොඳ තත්ත්වයක තියෙනවා. මම එතුමාගේ නාට්‍යවල විතරක්‌ රඟපාන්නේ නැහැ. කවුරු හරි හොඳ පිටපතක්‌ එක්‌ක ආරාධනා කළොත් භාරගන්නවා. අධ්‍යක්‍ෂවරු එක්‌ක මට ප්‍රශ්න නැහැ.

යාළුවො රඟපානවට ඊර්ෂ්‍යා හිතිලා නැවත රංගනයට ආවා කියන්නේ...

එහෙම නැහැ. අනික මම දකින දකින දේ කරන කෙනෙක්‌ නෙමෙයි. ඒ වගේම කවුරුවත් කරන කරන දෙයක්‌ කරන කෙනෙකුත් නෙමෙයි. තමන් දන්නවා නම් තමන්ට හැකියි කියලා හිතනවා රංගනයේ රැඳිල ඉන්න පුළුවන්. නැවත රංගනයට එන්න මගේ බලාපොරොත්තුවක්‌ තිබ්බේ නැහැ. මම ඒ දේවල්වලින් අයින් වෙලා පවුල් ජීවිතයට මුල්තැන දීලයි හිටියෙ. සැමියා මාව හොඳට තේරුම් අරගෙන ඉන්න නිසා නිර්මාණවලට දායක වුණාට කමක්‌ නැහැ කියලා හිතන්න ඇති. ඒ නිසයි නැවත මට රංගනයට අවසරය ලැබුණේ. අනික මම රැල්ලට යන කෙනෙක්‌ නෙවෙයි කියලත් එයා දන්නවා.

ඇත්තද යාළුවන්ට කියලා තියනවා කියන්නේ කවදා හරි රංගනයෙන් සමුගන්නේ සම්මානයක්‌ අරගෙන කියලා...

නැහැ. මම සම්මාන බලාගෙන රංගනයට දායක වෙන්නේ නැහැ. මට ලැබෙන ලොකුම සම්මානය තමයි ප්‍රේක්‍ෂක ප්‍රතිචාරය. ඒක සම්මානයකින් මනින්න බැහැ. පේa්‍රක්‍ෂක ආදරය සදාකාලිකයි.

මේ දවස්‌වල හරි අමාරුවෙන් ව්‍යායාම කරනවලූ නේද?

අනේ නැහැ. කවුද ඔය බොරු කතා කියන්නේ. මම කිසිම විදිහේ ව්‍යායාමයක්‌ කරන්නේ නැහැ. අනික මම ව්‍යායාම කරන්න කම්මැලියි. මම කරන්නේ වැඩිපුර නිදාගන්න එකනෙ.

වත්සලා ටිකක්‌ මහත්වෙලා කියලා හිතෙන්නේ නැතිද?

ඔහොම කියන්නේ මම වීවී එකෙන් පෙනෙන්නෙ මහතට නිසා වෙන්න ඇති. මම සාමාන්‍ය ජීවිතයේ මහත කෙනෙක්‌ නෙමෙයි. මට එහෙම කෙට්‌ටු වෙන්න වුවමනාවකුත් නැහැ.

කොහොමද ප්‍රසංග සමග ගෙවී ගිය කාලය ?

අපි දෙන්න විවාහ වෙලා වසරකට වැඩියි. ඒ කාලය තුළ හරිම සතුටින් තමයි ගතකළේ. මොකද අපි අතර පවුල් ප්‍රශ්න නැහැනේ. අනික ප්‍රසංග මාව හොඳට තේරුම්ගත්ත කෙනෙක්‌ වගේම මට ගොඩක්‌ ආදරය කරන කෙනෙක්‌. මගේ ජීවිතයේ වටිනාම දෙය තමයි මගේ සැමියා.

ඇයි ප්‍රසංග නැවත රඟපාන්න අවසර දුන්නෙ ?

එයා මට අවසර දුන්නේ මේ කාලය පුරාවට මාව හොඳින් තේරුම් අරගත්ත නිසා වෙන්න ඇති. අනික එයා මාව ගොඩක්‌ විශ්වාස කරනවා. මම යන මාර්ගය එයාට පැහැදිලියි කියලා හිතනවා. එයා මට දෙයක්‌ එපා කිව්වොත් මං ඒක කරන්න ඕන කිය කියා බලපෑම් කරන්නේ නැහැ. එතැනින් එහාට මම ඒ ගැන අහන්නෙවත් නැහැ. අපි අතරෙ කවදාවත් රණ්‌ඩුසරුවල් ඇතිවෙලා නැහැ.

දැන් දරු සුරතල් බලන්නත් කාලය හරි නේද?

අපොයි තවම නැහැ. මගේ ජීවිතයේ හැම දෙයක්‌ම සුදුසු විදිහට අවශ්‍ය වෙලාවට සිද්ධ වුණා. ඒ දෙයත් එහෙම සිද්ධ වෙයි.

වත්සලාට ක්‍ෂේත්‍රයේ යාළුවො නැහැ කියන්නේ ඇත්තද?

ඔව්. මම හරිම අඩුවෙන් තමයි යාළුවො ඇසුරු කරන්නේ. මගේ පෞද්ගලික ජීවිතයෙත් යාළුවො ඉන්නේ අතේ ඇඟිලි ගානට තමයි. පාසල් කාලයේ ඉඳන් මම එහෙම කෙනෙක්‌. යාළුවො කියන අය හිටියත් ඉන්නේ දෙන්නෙක්‌ විතර තමයි.

මහත නිසා පරණ ඇඳුම් ඔක්‌කොම අයින් කරාලූ නේද?

කවුද ඔය බොරු කතා කිව්වේ. මම එහෙම කරලා නැහැ. බඳින්න කලින් ඉඳලා ඇඳපුවත් තාම මම අඳිනවා. කිසිම දෙයක්‌ අයින් කරලා නැහැ.

කොහොමද අමාලිට ලැබෙන ප්‍රතිචාර?

මේ වෙනකොට ඉතාම ඉහළයි. මම කරපු චරිත එක්‌ක බලද්දී වෙනස්‌ චරිතයක්‌. මම ගොඩක්‌ ආසාවෙන් තමයි ඒක කළේ. සමහර අය මට මගතොටේදි බනිනවා පුදුම කෙල්ලෙක්‌නෙ ඔයා. ඔහොම මිනිස්‌සුන්ව රවට්‌ටනවද කියලා. එහෙම කියන්නේ මිනිසුන්ගෙ හිතට ඒ චරිතය ගොඩක්‌ සමීප නිසා වෙන්න ඇතිනෙ.

දැන් දිගටම රඟපානවද?

මෙහෙමයි. වාසනා වේවා නාට්‍ය රූගත කරන අතරතුරේත් තවත් නාට්‍ය හතරකට විතර ආරාධනා ලැබුණා. ඉදිරියේදී හොඳ නිර්මාණයකට ආරාධනා ආවොත් බාරගන්නවා.

හැබැයි මුලින් කිව්වේ රංගනය සාර්ථක පවුල් ජීවිතයට බාධාවක්‌ කියලනේ...

මම කවදාවත් හැම දේටම ගියේ නැහැ. මේ නාට්‍යයේ රූගත කිරීම් කළේ කොළඹ අවට. දවස්‌ හතක්‌ අටක්‌ විතර තමයි ෂෙඩුල් එක තිබ්බේ. එම මට කිසිම බාධාවක්‌ වුණේ නැහැ. නිර්මාණ රැසක්‌ භාරගෙන කරන්න ගියහම තමයි කාර්ය බහුල වෙන්නෙ. එතකොට තමයි විවාහ ජීවිතයේ ප්‍රශ්න මතුවෙන්නෙ.

No comments:

Post a Comment