සරත් ෆොන්සේකා මහතා ගොනු කළ මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස යුද හමුදාපති ලූතිනන් ජෙනරාල් ජගත් ජයසූරිය, පළවෙනි යුද අධිකරණයේ විනිසුරු මඬුල්ල හා නීතිපතිවරයා නම් කර තිබිණ. එම පෙත්සම කැඳවනු ලැබූ අවස්ථාවේ දී දැනට බන්ධානාරගතව සිරදඬුවම් විඳින සරත් ෆොන්සේකා මහතාව බන්ධනාගාර නිලධාරීන් විසින් අභියාචනාධිකරණයට ඉදිරිපත් කරනු ලැබීය.
අදාළ පෙත්සම සලකා බැලීමෙන් අනතුරුව සරත් ෆොන්සේකා මහතා අභියාචනාකධිකරණයෙන් පිටතට එන අවස්ථාවේදී සරත් ෆොන්සේකා මහතාගේ 60 වැනි උපන් දිනය නිමිත්තෙන් ඔහුගේ හිතමිතුරන් පිරිසක් විසින් කේක් ගෙඩියක් අධිකරණ භූමියට ගෙන ආ අතර, ෆොන්සේකා මහතා එම කේක් ගෙඩිය කපා මිතුරන්ට දී උපන් දිනය සැමරූහ.

No comments:
Post a Comment