Pages

Thursday, December 16, 2010

තමිල් සෙල්වම් පිළිරුව ප්‍රංශයෙන් ඉවතට


PrintE-mail
Thursday, 16 December 2010
ප‍්‍රංශයේ ලකූනර්ස් ප්‍රදේශයේ  ඉදිකර තිබූ එල්ටීටීඊ දේශපාලන අංශ නායකයා ලෙස සිටි තමිල් සෙල්වම්ගේ පිළිරුව ඉවත් කිරීමට එරට රජය පියවර ගෙන තිබේ.
තමිල් සෙල්වම්ගේ ප‍්‍රතිමාවක් ප‍්‍රංශයේ ඉදිකිරීමට එරට දෙමළ වැසියන් කණ්ඩායමක් උත්සාහ කළ අවස්ථාවේ දී ශ්‍රී ලංකා රජය ඊට විරෝධය පළ ක‍‍ළේය. නමුත්  තමිල් සෙල්වම් මියගොස් වසර 3ක් සපිරුණු පසුගිය නොවැම්බර් 2 වනදා ප‍්‍රංශයේදී මෙම පිළිරුව විවෘත කරනු ලැබීය.

විදේශ කටයුතු අමාත්‍යාංශයේ උපදෙස් මත,  ප‍්‍රංශයේ ශී‍්‍ර ලංකා තානාපති ලයනල් ප‍්‍රනාන්දු මහතා ඒ සම්බන්ධයෙන් ප‍්‍රංශ රජය වෙත ලක් රජයේ විරෝධය පළකිරීමට පියවර ගත්තේය.

ත‍්‍රස්තවාදී සංවිධානයක සාමාජිකයෙකුගේ පිළිරුවක් ඉදිකිරීමට විරෝධය පළකරමින් ප‍්‍රංශයේ සහ ජර්මනියේ වෙසෙන ශ‍්‍රී ලාංකිකයන් ජනාධිපති නිකලස් සර්කෝසි සහ ලකූනර්ස් නගරාධිපතිවරයා වෙත සංදේශ භාර දීමට ද කටයුතු කර තිබේ.

No comments:

Post a Comment