Pages

Friday, December 17, 2010

නිල් බලකාය සේම එල්ටීටීඊයත් ආණ්ඩුවට උදව් කරනවා - රනිල්


එල්ටීටීඊ සංවිධානය හා ඊපීඞීපී සංවිධානයද නිල් බලකායද විවිධ සංවිධාන කටයුතු කරමින් මුදල් ඒකරාශි කරමින් ආණ්ඩුවට හා මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරයාට උදව් කරන තත්ත්වය හමුවේ නිල් බලකාය සහ එල්ටීටීඊ සංවිධානය අතර වෙනස කුමක්දැයි තමා ජනතාවගෙන් විමසා සිටින බව විපක්‍ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා ප‍්‍රකාශ කරයි. ඔහු එම කාරණය විමසා සිටියේ ඊයේ එජාප බල මණ්ඩලයේ විශේෂ රැුස්වීමක් අමතමිනි.

එම කාරණය අවධාරණය කරමින් විපක්‍ෂ නායකවරයා වැඩිදුරටත් මෙසේද පැවසීය.

මහ රජතුමනි, එල්ටීටීඊ සංවිධානයේ වර්තමාන තත්ත්වය කුමක්ද කියා වහාම රටට ජනතාවට හෙළි කරනු‘ අපට දැන ගැනීමට අවශ්‍ය එච්චරයි. එල්ටීටීඊ සංවිධානය එදා සාම සාකච්ඡුා සඳහා පැමිණි අතර, මහින්ද රාජපක්‍ෂ ජනාධිපති ධූරයට පත් වී ඒ සංවිධානය තහනම් කළා. ඒ සංවිධානයේ නායක වේළුපිල්ලේ ප‍්‍රභාකරන් යුද්ධයට ගොස් යුද්ධයෙන් පරාජයට පත් වුණා. ඊට පසුව එල්ටීටීඊ සංවිධානයේ නායකත්වය ගත් කේ.පී. අවි ආයුධ බිම තබන්නැයි නියෝග කොට ශ‍්‍රී ලංකාවට පැමිණ මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරයාට සහයෝගය දෙනවා යැයි කියා සිටියා. යුද්ධයෙන් ඵලක් නොවන බව දෙමළ ජනතාවට කියා සිටි කේ.පී. මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරයාට සහයෝගය දෙනවා යැයි ප‍්‍රකාශ කොට උතුර එතුමාට දියුණු කිරීම සඳහා විේදශීය දෙමළ ජනතාවගෙන් මුදල් ලබා ගැනීමට සංවිධානයක්ද ස්ථාපිත කළා.

ඒ අනුව එල්ටීටීඊ සංවිධානය සහ එහි වත්මන් නායක කුමරන් පද්මනාදන් සම්පූර්ණයෙන්ම සහය දෙන්නේ මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරයාටයි. එමෙන්ම ඊපීඞීපී සංවිධානයද මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරයාට සහය දෙන අතර, ඒ අය උතුරේ වැඩ කරන්නේ ඔහු වෙනුවෙනුයි. මේ සියලූ පාර්ශ්වයන් මහින්ද චින්තනය අගය කරනවා විනා ගරහන්නේ නැහැ.

එල්ටීටීඊ සංවිධානයේ සහ ඊපීඞීපී සංවිධානයේ වෙනස වන්නේ ඊපීඞීපී සංවිධානයේ මන්ත‍්‍රීවරුන් පාර්ලිමේන්තුව නියෝජනය කිරීමයි. එල්ටීටීඊ සංවිධානයේ මන්ත‍්‍රීවරුන් නැතත් කුමරන් පද්මනාදන් රජ ගෙදර සිටිනවා.

මේ තත්ත්වය මෙසේ තිබියදී මේ අය එක්සත් ජාතික පක්‍ෂයට එල්ටීටීඊ ලේබලය ගසා ජනතාව මුලා කරන්නේ ඇයි? කොටියා මහින්ද චින්තන ලේබලය අලවා ගෙන කැලෑ ඇඳුම උඩ සාටකය දමාගෙන තිබෙන තත්ත්වය හමුවේ මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරයා අපට ඇඟිල්ල දිගු කිරීමෙන් ඵලක් නැහැ.

අවම වශයෙන් එල්ටීටීඊ සංවිධානයට අයත් නැව් 17 ශ‍්‍රී ලංකාවට ගෙන එන්නැයි ආණ්ඩුවට අප කියා සිටිනවා. ඒ නැව් අපේ රටට ගෙන එන්නේ නම් අපට අවශ්‍ය බඩු අඩු මිලට අපේ රටට ගෙන එන්න අවස්ථාව තිබෙනවා. එමෙන්ම එල්ටීටීඊ සංවිධානයට අයත් ඉන්ධන පිරවුම්හල් පන් සියයයේ ආදායම රටට ගෙන එන්න ආණ්ඩුව ක‍්‍රියා කළ යුතු අතර, ඒ සංවිධානයට අයත් ස්විස් බැංකුවේ තිබෙන මුදල් සම්භාරය රටට ලබා දීමට ද ක‍්‍රියා කළ යුතුයි. එල්ටීටීඊ සංවිධානයට අයත් රත්තරන් තොග රටට ගෙන්වා අලෙවි නොකරන්නේ ඇයි?

කුමරන් පද්මනාදන් දන්නා එල්ටීටීඊ සංවිධානය සතු මේ සම්පත් රටට ගෙනාවා නම් වැටුප් වැඩි කර බඩු මිල අඩු කර යම් සහනයක් ජනතාවට සලසා දීමට තිබුණා.

ඒ සම්පත් එසේම තිබියදී කුමරන් පද්මනාදන් තව දුරටත් ආරක්‍ෂා කරනවා නම් එල්ටීටීඊ යට මහින්ද රාජපක්‍ෂත් ආණ්ඩුවත් විරුද්ධ යැයි කියන්නේ කෙසේද? ඉන්දීය හිටපු අගමැති රජිව් ගාන්ධි මහතා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් කේ.පී. ඉන්දියාවට අවශ්‍යව සිටිනවා. අපේ රටට කුමරන් පද්මනාදන් අවශ්‍ය නැත්නම් ආණ්ඩුව ඔහු ඉන්දියාවට බාර දිය යුතුයි.

ඒ අනුව එක්සත් ජාතික පක්‍ෂයට එල්ටීටීඊ ලේබලය ඇලවීමට ප‍්‍රථම ඒ සංවිධානයේ ඇත්ත තත්ත්වය කුමක්ද කියා ආණ්ඩුව රටට හෙළි කළ යුතුයි. එල්ටීටීඊ සංවිධානය මේ වන විට ආණ්ඩුවේ කොටසක් බවට පත්ව අවසානයි. ඉදිරියේදී ඉතා ඉක්මනින් එල්ටීටීඊ සංවිධානයට ආණ්ඩුව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සාමාජිකත්වයන් දේවි.

එල්ටීටීඊ සංවිධානය සතු නැව්, ඉන්ධන පිරවුම්හල්, සාප්පු සංකීර්ණ සහ රත්තරන් තොග අලෙවි කොට ඒ සංවිධානය සතු මුදල් ද ගෙන සේවක වැටුප් වැඩි කර ජනතාවට සහනයක් සැලසීමට ආණ්ඩුව වහාම ක‍්‍රියා කළ යුතුයි

No comments:

Post a Comment