Pages

Thursday, December 2, 2010

විකිලීක්ස් ප්‍රධානියා ඉන්නේ කොහේදැයි බ්‍රිතාන්‍ය පොලිසිය දන්නවා

විකිලීක්ස් ප්‍රධානියා සැඟ වී සිටින තැන බ්‍රිතාන්‍ය පොලිසිය දන්නා නමුත් ඔහු අත්අඩංගුවට නොගන්නා බව එරට පලවෙන පුවත්පතක් වන ඉන්ඩිපෙන්ඩන්ට් අද වාර්තා කළේය. ජුලියන් අසන්ගේට විරුද්ධ දූෂණ චෝදනා යටතේ නඩු පවරා ඇති අතර ඔහුව අත්අඩංගුවට ගැනීම සඳහා ජාත්‍යන්ත පොලිසිය විසින්ද වරෙන්තුවක් නිකුත් කොට තිබේ.

එසේම එකසත් ජනපදයේ නීතිපති ඇමෙරිකානු රාජ්‍ය රහස් එළියට දැම්මේ යැයි එරට ඔත්තු සේවා පනතට අනුව නඩු පැවරිය හැකි බව ඊයේ සඳහන් කළේය. මේ අතර ඇතැම් ඇමෙරිකානු සහ කැනේඩියානු දේශපාලකයින් වීකිලීක්ස් ප්‍රධානියා එල්ලා මැරිය යුතු බව කියුහ. ඇතැමෙක් බින් ලාඩන් මට්ටු කරන ආකාරයෙන් දඩයම් කළ යුතු බව කිව්වේය.

මේ අතර ජුලියන්ගේ මව පුවත් පතකට සම්මුක සාකච්චාවක් දෙමින් කියා ඇත්තේ තමන්ගේ පුතා වරදක් නොකළ බවත් ඔහු හෙළි කරණ ඇත්ත මහජනතාවට ප්‍රයෝජනවත් වන බවත්ය.

විකිලීක්ස් තවදුරටත් එකසත් ජනපදයේ තොරතුරු හෙළි කරමින් සිටියි. ඔවුන් සතු වන 251287 න් 609 ක් මේ වන විට නිකුත් කළ අවසන්ය. නිකුත් කළ ඇති ඒවා බ්‍රසීලය, ශ්‍රී ලංකාව , බ්‍රිතාන්‍ය සහ ස්වීඩනය යන රටවල තොරතුරු එකසත් ජනපදය වාර්තා කළ ආකාරය දැක්වේ.

No comments:

Post a Comment