Pages

Thursday, December 23, 2010

පංචායුධගේ දේශපාලන පක්ෂය අවසන් ගමන් යයි-ආණ්ඩුවේ මෙහෙයුම සාර්ථක වෙයි…..


ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතාගේ අත්තනෝමතික ක්‍රියා කලාපයට එරෙහිව පක්ෂය තුළ දිගින් දිගටම කරුණු දැක්වුවද මේ වන තුරුත් පක්ෂය නිසි මගට ගැනීමට පක්ෂ නායකත්වය කටයුතු නොකිරීම හේතුවෙන් තමන් ජාතික නිදහස් පෙරමුණෙන් ඉවත් වන බව අචල සුරංග ජාගොඩ මහතා පක්ෂයේ ක්‍රියාකාරි සාමාජිකයන් පිරිසකට පවසා ඇති අතර ඔහුන්ටද ආරාධනා කර තිබේ.
ජාතික නිදහස් පෙරමුණ නමට ලැබෙන ආධාර හා වරප්‍රසාද සියල්ල වීරවංශ මහතා විසින් සිය පුද්ගලික පරිභෝජනය සඳහා යොදාගන්නා බව ද පක්ෂයේ විනය කඩ කරමින් දිගින් දිගටම ක්‍රියා කරන නිසාත් මෙම තීරණය ගන්නට සිදුව ඇති බව හෙතෙම වැඩිදුරටත් කියා තිබේ. විමල්ගේන් මිදි තමන් සමග ඒකතුවන්නේනම් වරප්‍රසාද රුසක් භුක්ති විදිමට අචලට හැකියාව පවතින බවට ආණ්ඩුවේ ඉහල පෙළේ අමාත්‍යවරයකු පසුගියදා ප්‍රකාශ කොට තිබේන බවද වාර්තා වේ.ඒම ප්‍රකාශයද මෙම තින්දුවට ඉවහල් වි ඇති බව දැනගන්නට ලැබේ.

No comments:

Post a Comment