Pages

Thursday, December 23, 2010

වැලන්ටයින් මල් පිපේදැයි බලන්න

පෙබරවාරි 14 පෙම්වතුන්ගේ දිනය කියලා නොදන්න කෙනෙක් නැහැ. එදාට ආදරවන්තයින් එකිනෙකා තෑගි හුවමාරු කරගෙන ‘වැලන්ටයින්ස් ඩේ’ සමරනවා.
අපේ ජනප්‍රිය ගායන ශිල්පී මධුමාධව අරවින්දත් පෙබරවාරි 14 වෙනිදාට ‘වැලන්ටයින්ස් ඩේ’ අති උත්කර්ෂවත් විදිහට සමරන්න යනවා කියලා අපිට ආරංචි වුනා. මධූගේ අරවින්ද යායෙ මල් පිපෙන කාලය දිහා බලන් හිටපු යාළුවෝ මේ දවස එනකල් බලන් ඉන්නවලු

 මිහිර සමන් දේවාලයේ

නිරන්තරයෙන් ඔහු ඔබේ මුවඟට එක් කරන්නේ හසරැල්ලකි. මේ දිනවල සුවහසක් ප්‍රේක්ෂක ප්‍රතිචාර මධ්‍යයේ විකාශය වන හසරැල්ගේ අතිජාත මිත්‍රයා නිරේෂ් . . . එහෙමත් නැත්නම් මිහිර සිරිතිලක පසුගිය දිනක රත්නපුර සමන් දේවාල භූමියට පැමිණ සිටිනු සරසවියට පෙනුණා. කැස්බෑවේ පදිංචිව සිටින මිහිරගේ ගම අඟුණුකොළ පැලැස්ස.
මවගේ සුව දුක් බැලීම සඳහා අඟුණුකොළ පැලැස්සට යන අතරමගදී මිහිර, සාමාන්‍යයෙන් සමන් දෙවිඳු වැඳ පුදා ගන්නට අමතක කරන්නේම නැහැ. මිහිර සමඟ මිහිරගේ බිරිඳ ගීතිකා මධුරංගි ද, මිහිරගේ මාමණ්ඩිය සහ නැන්දම්මා ද සමන් දේවාශීර්වාදය ලැබීමට සමන් දේවාලයට පැමිණ සිටියා.

 තාත්තාගේ මුවන්පැලැස්ස බලන්න

පුතා රන්මිහිතැන්නට

ඔබේ හද බැඳි සිහින තරුව හසරැල් . . .එහෙමත් නැත්නම් විශ්වනාත් කොඩිකාර පසුගිය දවසක කඳ සුරිඳු වැඳ පුදා ගන්නට කතරගමට පැමිණ සිටියා. ඒ ඔහුගේ මව, පියා, වැඩිමහළු සහෝදරිය සහ ඇයගේ පුංචි පුතු සමඟින්.
සාමාන්‍යයෙන් වසරකට දෙවරක් කඳ සුරිඳු වැඳ පුදා ගන්නට විශ්ව අමතක කරන්නේ නැහැ. ඒ වගේම සෑම නව වසරකම ආරම්භයට පෙර විශ්ව පුරුද්දක් වශයෙන් සෑම දෙසැම්බර් 31 ක් වැනිදාවකම කතරගම බලා පිටත් වෙනවා. නමුත් මේ දිනවල මඳක් කාර්ය බහුලත්වය මධ්‍යයේ වැඩ කටයුතු කරන නිසාම විශ්වට මෙවර නව වසරේ උදාවට කතරගම බලා පිටත් වන්නට නොහැකි වන බවයි ආරංචිය.
පවුලේ සාමාජිකයන් සමඟින් විශ්ව සහභාගී වූ කතරගම චාරිකාවේදී ඔවුන් රන්මිහිතැන්න ටෙලි සිනමා ගම්මානයට ද ගිය බවත් දැනගන්නට ලැබුණා. ඒ විශ්වගේ පියා පද්මසිරි කොඩිකාර අතින් නිර්මාණය වන මුවන්පැලැස්ස ටෙලි නිර්මාණයේ වැඩ කටයුතු සොයා බැලීමටයි. නිවෙස බලා නුවරට එන ගමනේදී පැමිණියේ විශ්ව, මව සහ ඔහුගේ අක්කා සහ පුංචි පුතු පමණයි. විශ්වගේ පියා මුවන්පැලැස්සේ වැඩ කටයුතු සඳහා රන්මිහිතැන්නේම නතර වූ බව විශ්ව අප හා පවසා සිටියා.

No comments:

Post a Comment