Pages

Friday, December 24, 2010

සීගිරියේදී අතුරුදන් වූ මව සහ දියණිය රත්මලානේ නිවසක



චමින්ද සිල්වා - ඒ. පී. ආරියරත්න - රත්මලාන

පාදුක්‌ක මීපේ ප්‍රදේශයේ සිට සීගිරිය නැරඹීමට ගොස්‌ සිටියදී අතුරුදන් වූ මව සහ ඇගේ සයමස්‌ දියණිය ඊයේ (23 වැනිදා) රත්මලාන ජයසුමනාරාම පාරේ නිවසක සිටියදී ගල්කිස්‌ස කොට්‌ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් පිරිසක්‌ විසින් අත්අඩංගුවට ගෙන ඇත. මෙම මව සහ දරුවා සමග ඔවුන් රත්මලාන ප්‍රදේශයට රැගෙන පැමිණි මවගේ අනියම් පුරුෂයා බව කියන පුද්ගලයා ද පොලිසිය අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම කාන්තාව සිය බිළිඳු දියණිය සමග පසුගිය 20 වැනිදා (පොහෝ දින) සීගිරිය නැරඹීමට ඥතීන් පිරිසක්‌ සමග ගොස්‌ සිටියදී අතුරුදන් විය.

ඒ සම්බන්ධයෙන් ඥතීන් පිරිස සීගිරිය පොලිසියට පැමිණිලි කිරීමෙන් පසු පොලිස්‌ කණ්‌ඩායම් තුනක්‌ පරීක්‍ෂණ ආරම්භ කර තිබියදී ඊයේ (23 වැනිදා) ගල්කිස්‌ස කොට්‌ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් පිරිසක්‌ විසින් ඔවුන් අත්අඩංගුවට ගෙන තිබිණි.

මව සහ දරුවා රත්මලාන ප්‍රදේශයට රැගෙන පැමිණි පුද්ගලයා ෆිනෑන්ස්‌ සමාගමක නිලධාරියකු වන අතර ඔහු මෙම කාන්තාව සමග කාලයක සිට පැවැති අනියම් ඇසුරක ප්‍රතිඵලයක්‌ ලෙස ඔහු යතුරු පැදියකින් සීගිරිය ප්‍රදේශයට ගොස්‌ සීගිරිය නැරඹීමට පැමිණි මව සිය දියණිය සමග යතුරු පැදියේ තබාගෙන පැමිණි බව පොලිසිය හෙළිකරගෙන ඇත.

ගල්කිස්‌ස ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරි හේමන්ත අධිකාරී මහතාගේ උපදෙස්‌ මත මූලස්‌ථාන ප්‍රධාන පොලිස්‌ පරීක්‍ෂක මහේෂ් පෙරේරා මහතාගේ මෙහෙයවීමෙන් කොට්‌ඨාස අපරාධ විමර්ශන ඒකකයේ ස්‌ථානාධිපති කුමාර නලවංශ, පොලිස්‌ සැරයන් (26885) ජයලාල් ඇතුළු නිලධාරීන් පිරිසක්‌ විසින් අත්අඩංගුවට ගත් සැකකරුවන් ගල්කිස්‌ස අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි

No comments:

Post a Comment