Pages

Monday, December 13, 2010

සා/පෙළ අද ඇරඹෙයි

සා/පෙළ අද ඇරඹෙයිඅධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය අද(13) ආරම්භ වේ. රටපුරා මධ්‍යස්ථාන 3804 දීආරම්භ වන ‍විභාගය ලබන 23 වන දින දක්වා පැවැත්වීමට සැලසුම් කර තිබේ. 

මෙවර විභාගය සඳහා අපේක්ෂකයන් පන් ලක්ෂ නව දහසක් පමණ පෙනී සිටින බව විභාග කොමසාරිස් ජනරාල් අනුර එදිරිසිංහ මහතා සඳහන් කළේය. 

විභාගයට පෙනී සිටීමේදී අනන්‍යතාව තහවුරු කිරීම සඳහා ජාතික හැඳුනුම්පත හෝ තැපැල් හැඳුනුම්පත ඉදිරිපත් කළ හැකිය. 

මේ අතර පුනරුත්ථාපන මධ්‍යස්ථානවල සිටින හිටපු එල් ටී ටී ඊ සාමාජික සාමාජිකාවන් 175 දෙනෙකු ද අද ආරම්භ වන විභාගයට පෙනී සිටීමට නියමිතය. 

ඔවුන්ගෙන් 45 දෙනෙකු කාන්තාවන් බව පුනරුත්ථාපන කොමසාරිස් බ්‍රිගේඩියර් සුදන්ත රණසිංහ මහතා පවසයි. 

මෙම පිරිස සඳහා විභාග ප්‍රවේශ පත්‍ර ලබාදීම වව්නියාව පූන්තෝට්ටම් කාන්තා පුනරුත්තාපන මධ්‍යස්ථානයේදී සහ වව්නියාව දෙමළ මධ්‍ය මහා විද්‍යාලයේදී සිදුකෙරුණි.

No comments:

Post a Comment