Pages

Wednesday, December 15, 2010

ත‍්‍රස්තවාදයට යළි ඉඩක් නැහැ - යුද හමුදාපති



විදේශ රටවලින් කුමන බලපෑම් එල්ල වුවත් යළ කිසිදු විටෙක ත‍්‍රස්තවාදය ශී‍්‍ර ලංකාවේ හිස එසවීමට ඉඩ නොදෙන බවට යුද හමුදාපති ලූතිනන් ජනරාල් ජගත් ජයසූරිය මහතා පවසයි.
යුද හමුදාවේ සන්නාහ සන්නද්ධ බලකායේ 55 වැනි සංවත්සරය වෙනුවෙන් කොළඹ, මෝදර රොක්හවුස් කඳවුරේදී අද (දෙසැ. 15) පැවති උත්සවයක් අමතමින් ඔහු ඒ බව කීය.

යුද්ධය දැන් අවසන්ව ඇති බැවින් රට ගොඩනැංවීමේ කාර්යය සඳහා හමුදා භටයින්ගේ දායකත්වය ලබාදිය හැකි බවද යුද හමුදාපතිවරයා පවසා සිටියේය.

ඔහු වැඩිදුරටත් කියා සිටියේ, යුද හමුදාව සඳහා නවීතම තාක්‍ෂණයෙන් යුත් සන්නාහ සන්නද්ධ රථ මිලදී ගැනීමට යන බවයි.

ඒ සම්බන්ධයෙන් වන සාකච්ඡුා රුසියානු රජය සමඟ මේ වන විට සිදු කෙරෙන බව ජයසූරිය මහතා වැඩිදුරටත් කීය.

No comments:

Post a Comment