Pages

Tuesday, December 21, 2010

විමල් වීරවංශ මහතාට දේශ විමුක්ති සම්මානයක්

අද රටේ ගම් මට්ටමින්, ප‍්‍රාදේශිය මට්ටමින් පැවති සමාජ සංවිධාන ටිකෙන් ටික පිරිහී යන බවත්, එවන් අවධියක ප‍්‍රාදේශීයව සිදුවූ සේවාවන් විජාතික රාජ්‍ය නොවන සංවිධාන මගින් පවරා ගන්නා තත්වයකට  පත්වෙමින් තිබෙන බවත්,  රාජ්‍ය නොවන සංවිධාන මගින් උපායෙන් යොදා එම එකමුතුව බිලිබාගනු ලබන බවත්,  ඒ තත්ත්වය මඟහැරී යළි ගම්මට්ටමෙන්, ප‍්‍රදේශ මට්ටමින් එබඳු ශක්තිමත් ප‍්‍රජා සංවිධාන බිහිවීමේ ප‍්‍රවණතාවයක් අද වනවිට  නිර්මාණය වෙමින් පවතින බවත් ජාතික නිදහස් පෙරමුණේ නායක ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් ගරු අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.
ඔහු මෙම අදහස්  පළකළේ ගම්පහ සුදර්ශනාරාම ධර්මදුත පිරිවෙන් විහාරයේ පැවති සුමස සංවිධානයේ වාර්ශික මහ සම්මේලනයට සහභාගී වෙමිනි. ගම්පහ ප‍්‍රදේශයේ ක‍්‍රියාත්මක වන මරණාධාර සමිති, ප‍්‍රජා සමිති, අන්‍යෝන්‍යාධාර සමිති එකමුතුවෙන් සැදුම්ලත් සුමස සංවිධානය මේ වන විට සමිති 210කින් පමණ සමන්විත සංවිධානයකි.

මෙම අවස්ථාවේදී එල්.ටී.ටී.ඊ ත‍්‍රස්තවාදයෙන් රට නිදහස්කර ගැනීමේ මහඟු මෙහෙවරේදී ඒ සඳහා දේශමාමක, දේශ හිතෛෂි මතවාදී බලමුළු දකුණේ ඒකරාශි කිරීමේලා මාහැඟි දායකත්වය වෙනුවෙන් ජාතික නිදහස් පෙරමුණේ නායක හා ඉදිකිරීම්, ඉංජිනේරු සේවාල නිවාස හා පොදු පහසුකම් ගරු අමාත්‍ය විමල් වීරවංශ මහතා, සුමස සම්පූජිත දේශ විමුක්ති සම්මානයෙන් පිදුම් ලැබීය.

මෙහිදී තවදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා කියාසිටියේ මේ රාජ්‍ය නොවන සංවිධාන තුළින් ගම තුළ ස්වේච්ඡාවෙන් සේවය කළ මිනිසා සොයා ඔහු  ආත්මාර්තකාමී පුද්ගලයෙක් බවට පත්කර බවත්, එහෙත් ගම්මට්ටමෙන් ක‍්‍රියාත්මකවු මරණාධාර සමිති, ප‍්‍රජා සමිති, අන්‍යෝන්‍යාධාර සමිති ආදී කිසිදු සමිතියකින් හෝ  ප‍්‍රජා සංවිධානයක් වේවා එබඳු පටු අරමුණු නොතකා රට වෙනුවෙන් හිතන රට වෙනුවෙන් වැඩ කරන මිනිසුන් පිරිසක් නිර්මාණය කරන බවයි.

මෙම අවස්ථාවට සමාජසේවා ඇමති ෆීලික්ස් පෙරේරාල ආපදා කළමනාකරණ නියෝජ්‍ය අමාත්‍ය ඩුලිප් විජේසේකර ඇතුළු ප‍්‍රාදේශිය දේශපාලඥයින් හා සමිති නිලධාරීන් ඇතුළු පිරිසක් ද සහභාගී විය

No comments:

Post a Comment