Pages

Saturday, December 11, 2010

ඉදිරි දින වලදී අයහපත් කාලගුණය පහවයයි

ඉදිරි දින කිහිපය තුළ පැවති අයහපත් කාලගුණ තත්ත්වය ක්‍රමයෙන් පහව යනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 

දිවයිනට ඉහළ වායුගෝලයේ පැවති අඩු පීඩන තත්ත්වය ගිණිකොන දිග බෙංගාලබොක්ක ප්‍රදේශයට ගමන් කර ඇති බව එම දෙපාර්තමේන්තුවේ කාර්යය භාර කාලගුණ විද්‍යාඥ ඩී. ඒ. ජයසිංහආරච්චි මහතා සඳහන් කළේය. 

කෙසේ වුවත් බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත් වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක වලත් සුළු වැසි තත්ත්වයන් ඉදිරි කාලය තුළ ද ඇති විය හැකි බව ඔහු පෙන්වාදෙයි. 

එමෙන්ම අපරභාගයේ දී හෝ සන්ධ්‍යා කාලයේ දී දිවයිනේ සෙසු ප්‍රදේශ වල තැනින් තැන ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව ද ඩී. ඒ ජයසිංහආරච්චි මහතා ප්‍රකාශ ක‍ළේය. 

No comments:

Post a Comment