Pages

Thursday, December 2, 2010

යුද අපරාධ වලට ඉහළම තිදෙනා වගකිව යුතුයි- තානාපතිනිය දන්වලා

ශ්‍රී ලංකාවේ සිදුවීයයි කියනු ලබන යුද අපරාධ පිළිබඳ විමර්ශනයක් පැවැත්වීම සම්බන්ධයෙන් ඇමරිකාව විසින් සැකපළ කරනු ලබන්නේ එකී යුද අපරාධ වලට වගකිව යුත්තේ යුද්ධය මෙහෙයවූ රටේ ඉහළ පෙළේ වගකිව යුත්තන් නිසා බව ඇමරිකාව පිළිගෙන ඇතැයි විකිලික්ස් වෙබ් අඩවියේ අලුත්ම ප්‍රවෘත්ති කේබලය මගින් අනාවරණය කෙරෙයි.

ශ්‍රී ලංකාවේ සිදුවීයයි කියනු ලබන යුද අපරාධ වලට වග කිවයුත්තේ ජනාධිපති මහින්ද රාජපක්ෂ,ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ සහ හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකා මහතා බව ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපතිනි පැට්‍රිෂියා බෘටෙන්ස් ඇමරිකානු රාජ්‍ය ලේකම් හිලරි ක්ලින්ටන් ට ලියා යැවූ සන්නිවේදන කේබලයක සඳහන් වන බව විකිලික්ස් පෙන්වාදෙයි.

යුද්ධය නිමාවීමෙන් පසු 2010 ජනවාරි මස 15 වන දින මෙම මෙම සන්නිවේදන කේබලය ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපති කාර්යාලය විසින් ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවට යවා තිබේ.

No comments:

Post a Comment