Pages

Thursday, December 2, 2010

පොදු රාජ්‍ය මණ්ඩල සමුළුව ශ‍්‍රී ලංකාවේ නොපැවැත්වීමේ හේතුව හෙළිවේ.

පොදු රාජ්‍ය මණ්‌ඩල සමුළුව ශ්‍රී ලංකාවේ පැවැත්වීම ප්‍රතික්‍ෂේප වූයේ එල්ටීටීඊ සංවිධානය පරාජය කරලීමට ශ්‍රී ලංකා රජය ක්‍රියාකිරීම නිසා යෑයි විකිලික්‌ස්‌ වෙබ් අඩවිය හෙළි කළ රහස්‌ පණිවුඩවලින් අනාවරණය වී ඇතැයි ‘දිවයින’ පුවත්පත අද වාර්තා කර තිබේ.
‘පොදු රාජ්‍ය මණ්‌ඩල සමුළුව ශ්‍රී ලංකාවේ නොපැවැත්වීමේ හේතුව හෙළි වෙයි ’ යන ශීර්ෂයෙන් යුතුව වාර්තා කර ඇති මෙම ප‍්‍රවෘත්තියේ මෙසේ සඳහන් වේ.

වන්නි මෙහෙයුම සමයේ සහ ඉන්පසු තත්ත්වය සම්බන්ධයෙන් පොදු රාජ්‍ය මණ්‌ඩල ඇමැති සාකච්ඡාවේදී බ්‍රිතාන්‍ය විසින් ප්‍රශ්න කළ බවද පොදු රාජ්‍ය මණ්‌ඩලයේ දේශපාලන අධ්‍යක්‍ෂ අමිතාජ බැහැර්ජි විසින් හෙළිකර ඇතැයි එම රහස්‌ පණිවුඩයකින් දන්වා තිබේ. ශ්‍රී ලංකා රජය විසින් වන්නි මෙහෙයුම දියත් කිරීම නිසා පොදු රාජ්‍ය මණ්‌ඩල සමුළුව ශ්‍රී ලංකාවේ පැවැත්වීම ඉවත දමා ඇත

No comments:

Post a Comment