Pages

Friday, December 10, 2010

2011 අයවැය වැඩි ඡන්ද 116 න් සම්මතයි

පක්ෂව ඡන්ද 156 ක් හා විපක්ෂව ඡන්ද 40 ක් ලබමින් අද (10) පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්ද 116 න් 2011 අයවැය සම්මත වී තිබේ.

2011 වසර සඳහා රජය විසින් ඉදිරිපත් කළ විසර්ජන පනත් කෙටුම්පත තුන්වන වර කියැවීමේ අවසන් ඡන්ද විමසීම අද(10) පැවැත්විණි.

ඡන්ද විමසීම අද පස්වරු 6 ට පමණ සිදුවිය. නොවැම්බර් 22 වැනිදා ජනාධිපතිවරයා විසින් අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබීය.

අයවැය දෙවන වර කියවීමේ ඡන්ද විමසීම නොවැම්බර් 29 වැනි දින පැවති අතර එය වැඩි ඡන්දයෙන් සම්මත විය. ඒ අනුව අයවැයට පක්ෂව ඡන්ද 150ක් ලැබුණු අතර විපක්ෂව ලැබුණේ ඡන්ද 46ක් පමණි.

නොවැම්බර් 30 වැනි දින සිට අද දක්වා අයවැය කාරක සභා අවස්ථා විවාදය පැවැත්වුණු අතර අද දිනය තුළ මුදල් හා ක්‍රම සම්පාදන, යහපාලනය හා යටිතල පහසුකම්, මානව සම්පත් ආදී අමාත්‍යාංශ

No comments:

Post a Comment