Pages

Saturday, December 18, 2010

තමන්ගේ කෑමට වස දමයි යන සැකයෙන් එය වෙන කෙනෙකුට කන්න දී පසුව මම කනවා - ජනාධිපති රාජපක්ෂ කියයි



තමන් යුද්ධයෙන් රට නිදහස් කළ තමුත් අද වීදුරු බෝලයක සිරවී සිටින අයකු මෙන් සිරගතව ඇතැයි මහින්ද රාජපක්ෂ ජනපතිවරයා අද හම්බන්තොට වැලිගත්තේ දී පැවසීය. බස් එකක යන්න බෑ, ප්ලේන් එකේ යන්නත් බෑ, කැමති කෑමක් කන්න බෑ ඒකත් කවුරු හරි ඇවිල්ල කලින් කාල බලනවා යැයි ප්‍රකශ කොට ඇති හෙතම එහිදී අනියමින් තමන් විසින් සිදු කරමින් සිටින ගුරුකම්/ හූනියම් සහ කෑමට කිසිවෙකු හෝ වස දමා ඇති යන සැකය නිසා ඔහුගේ කෑම වෙනත් අයෙකුට ලබා දී පසුව තමන් අනුබව කරන බව සඳහන් කොට ඇත.

එංගලන්තයට ගියාම වරෙන්තු දාන්න හැදුවා යැයි ඉතා දුකෙන් කතා කොට ඇති හෙතම ජනතාවගේ අනුකම්පාව දිනා ගැනීම සඳහා කතා කොට ඇත. " එවැනි තත්වයක් තමයි තිබෙන්නේ. බෝහෝ අයට ඒ ගැන අවබෝධයක් නෑ, " යයි එහිදී වැඩිදුරටත් හෙතම කියා ඇත.

No comments:

Post a Comment