Pages

Thursday, December 16, 2010

ඉන්දීය අගමැති,කරුණානිධි ඝාතනය කිරීමට එල්.ටී.ටී.ඊය සැරසෙයි

ඉන්දීය අගමැති,කරුණානිධි ඝාතනය කිරීමට එල්.ටී.ටී.ඊය සැරසෙයිඉන්දීය අගමැති මන් මෝහන් සිං සහ තමිල්නාඩු ප්‍රධාන අමාත්‍ය එම්.කරුණානිධි යන මහත්වරුන් ඝාතනය කිරීමට එල්.ටී.ටී.ඊ සංවිධානය විසින් සැලසුම් කර ඇතැයි විදෙස් මාධ්‍ය උපුටා දක්වයි.

2011 ජනවාරි මාසවේ ඉන්දියානු අග්‍රාමාත්‍යවරයා තමිල්නාඩුවේ සංචාරය කිරීමට නියමිතව තිබූ බැවින් එහිදී එල්.ටී.ටී.ඊ සංවිධානය විසින් මන් මෝහන් සිං සහ තමිල්නාඩු ප්‍රධාන අමාත්‍ය එම්.කරුණානිධි යන මහත්වරුන් ඉලක්ක කරගෙන ප්‍රහාරයක් එල්ල කිරීමට සූදානම්ව සිටි බවට ඉන්දියානු බුද්ධි අංශ විසින් අනාවරණය කරගෙන තිබේ.

එබැවින් එල්.ටී.ටී.ඊ සංවිධානයේ මෙකී ඝාතන තැත පිළිබඳ මොවුන්ට අනතුරු අඟවා ඇතැයි CNN පුවත් සේවය සඳහන් කරයි.

ශ්‍රී ලංකාව තුළ එල්.ටී.ටී.ඊ සංවිධානය යුදමය වශයෙන් පරාජය කිරීමෙන් පසු ඉන්දියාවට පැන ගිය ඇතැම් එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදී පිරිස් දකුණු ඉන්දීය වෙරළ තීරයේ හා තමිල්නාඩු ප්‍රාන්තයේ තවදුරටත් සැඟවී සිටින බව ට තොරතුරු හෙළිවී තිබේ.

තමන්ට එහෙව් ඝාතන සැලසුමක් පිළිබඳ තොරතුරු ලැබී ඇතැයිද ,එල්ල විය හැකි ප්‍රහාරයක් සම්බන්ධයෙන් ඊට මුහුණදීම සඳහා තමන් සූදානම් බවත්,මේ පිළිබඳ වගකිව යුතු සියලු පිරිස් වෙත අනතුරු අඟවා ඇති බවත් තමිල්නාඩුවේ පොලිස් අධ්‍යක්ෂ ජෙනරාල් ලෙතිකා ෂැරන් මහතා පවසා තිබේ.

එල්.ටී.ටී.ඊ සංවිධානය විසින් මීට පෙරාතුව හිටපු අග්‍රාමාත්‍ය රජීව් ඝාන්ධි මහතා ඔහු ගේ මැතිවරණ ව්‍යාපාරය දියත් කරමින් සිටියදී ඉන්දියාවේ ශ්‍රීපෙරුම්බුදුර් හි දී 1991 මැයි 21 දා ඝාතනය කරන ලදී.

No comments:

Post a Comment