Pages

Tuesday, December 14, 2010

ජනවාරි 01 වනදා සිට විදුලි බිල ඉහළට

ජනවාරි 01 වනදා සිට විදුලි බිල ඉහළට


2011 වර්ෂයේ අයවැය මගින් යෝජනා කළ පරිදි නව ගාස්තු ක්‍රමය යටතේ ජනවාරි මස 01 වන දින සිට විදුලි ගාස්තුව ඉහළ යන බව විදුලි බල හා බල ශක්ති අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි. 

එමෙන්ම මෙම නව විදුලි ගාස්තු ක්‍රමය පිළිබඳව ජනතා අදහස් විමසීම සඳහා හෙට(15) දිනය තුළ කොළඹ, පදනම් ආයතනයේදී විශේෂ හමුවක් පැවැත්වෙන බව ද අමාත්‍යවරයා සඳහන් කළේය. 

පසුගිය අයවැයෙන් විදුලි බිල සම්බන්ධයෙන් ඉදිරිපත් වූ 8%ක මිල උච්චාවචනය මහ ජතාවට බලපාන ආකාරය පිළිබඳව සහ මහජන උපයෝගිතා කොමිසම ඒ සම්බන්ධයෙන් ගනු ලබන තීන්දු තීරණ විමසා බැලීමේ විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය.

No comments:

Post a Comment