Pages

Monday, December 13, 2010

සරත් ෆොන්සේකා එජාපයට එක්කර ගන්නවා - සජිත්


හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකා මහතා එක එක පැතිවලට තල්ලූ නොකොට එක්සත් ජාතික පක්‍ෂයේ සාමාජිකත්වය ලබා දී මේ රටට වසංගතයක් වී ඇති රාජපක්‍ෂ ආණ්ඩුව පෙරළා දැමීමේ පෙර ගමන්කරුවකු ලෙස එජාපයට එක් කර ගන්නා බව අද පැවති එම පක්‍ෂයේ විශේෂ මහ සමුළුවේදී පාර්ලිමේන්තු මන්ත‍්‍රී සජිත් පේ‍්‍රමදාස මහතා ප‍්‍රකාශ කළේය.
මෙරට ත‍්‍රස්තවාදය තුරන් කිරීම සඳහා රණවිරුවන් හා අත්වැල් බැඳගත් ආකාරයටම හිටපු යුද හමුදාපතිවරයා නිදහස් කර ගැනීමේ සටනේදී සියලූම එක්සත් ජාතික පාක්‍ෂිකයින්ම එක්මෙන් අත්වැල් බැඳ ගත යුතු බව ඔහු පැවසීය.

හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකා මහතා දේශපාලනික හේතූන් මත සිරගත කොට තිබීම පිළිබඳව එජාප නායක රනිල් වික‍්‍රමසිංහ,  නියෝජ්‍ය නායක කරූ ජයසූරිය හා පාර්ලිමේන්තු මන්ත‍්‍රී සජිත් පේ‍්‍රමදාස මහතා ද මෙම සමුළුවේදී දැඩි ලෙස ආණ්ඩුව විවේචනය කළහ

No comments:

Post a Comment