Pages

Monday, December 13, 2010

කොල්ලකරුවන් හයක් මරුට - මිය ගිය පොලිසියේ දෙදෙනාට උසස්වීම්


2010 දෙසැම්බර් 13 වෙනි සදුදා, 08:05
 altවරකාපොළ ප‍්‍රදේශයේ සිදු වූ කොල්ලකෑමට සම්බන්ධ බවට සැකකරන පුද්ගලයින් පස් දෙනකු පොලිසිය හා හමුදාව එක්ව වෙඩි තබා මරා දමා ඇත. අඹේපුස්ස සහ කොස්කැලේ ප‍්‍රදේශවල සිදු කළ මෙහෙයුම්වලදී ඔවුන්ට වෙඩි තැබූ බව පොලිසිය පවසයි.
 
පසුගිය 10 වැනිදා අඟුරුවැල්ල ප‍්‍රදේශයේ උකස් මධ්‍යස්ථානයක් කොල්ලකා පලා යමින් සිටි පිරිසක් පසුපස පොලිස් නිලධාරීන් පිරිසක් හඹා ගිය අතර එහිදී ඇති වූ ගැටුමකින් පොලිස් නිලධාරීන් දෙදෙනකු මරණයට පත් වූහ. ඉන් අනතුරුව පොලිසිය හා හමුදාව එක්ව මෙහෙයුම දියත් කළේය.
 
පසුගිය 11 වැනිදා අලූයම සැකකරුවන් දෙදෙනකුට වෙඩි තබා ඝාතනය කළ අතර ඊයේ පස්වරුව වන විට තවත් සිව්දෙනකු ඝාතනය කර ඇත. පොලිසිය පවසන්නේ මිය ගිය සියලූ දෙනා කොල්ලකල්ලියේ සාමාජිකයින් බවයි.
 
මියගිය අයගෙන් පස් දෙනකු හමුදාවෙන් පැන ආ සෙබළුන් බවත් අනෙක් තැනැත්තා වැඩ තහනම් වූ පොලිස් කොස්තාපල්වරයෙක් බවත් පැවසේ.
 
මේ අතර කොල්ලකරුවන්ගේ වෙඩි පහරින් මිය ගිය පොලිස් නිලධාරීන් දෙදෙනාට උසස්වීම් ලබා දීමට පොලිස්පතිවරයා තීරණය කර ඇත. කේ. ඒ අනුර බණ්ඩාර සහ ඩබ්. ඩී. ලයනල් යන පොලිස් සැරයන්වරුන් දෙදෙනා ගැටුමේදී මිය ගිය අතර ඔවුන් වහාම ක්‍රියාත්මක වන පරිදි උප පොලිස් පරීක්ෂක තනතුරුවලට උසස් කර ඇත.

No comments:

Post a Comment