Pages

Thursday, December 30, 2010

කැන්සාස්හි වෙඩි තැබුමකින් මෙරට ශිෂ්‍යයෙක් මියයයි

Dec 30,2010

අමෙරිකාවේ කැන්සාස් නගරයේ පිරවුම්හලක් මංකොල්ලකෑමට තැත්කළ මංකොල්ලකරුවන්ගේ වෙඩි පහරකට ලක්ව එරට අධ්‍යාපනය ලැබූ ශ්‍රී ලාංකික ශිෂ්‍යයෙකු මරණයට පත්ව ඇත.

මෙසේ මරණයට පත්ව ඇත්තේ 25 හැවිරිදි සුජේන්ද්‍ර අමරසිංහම් නැමති එම පිරවුම්හලෙහි ලිපිකරුවෙකු ලෙස සේවය කළ තරුණයෙකි.

මෙම සිදුවීමෙන් මිනිත්තු 20ට පමණ පසු එම පිරවුම්හලට පැමිණි පාරිභොගියකු විසින් තුවාලකරු දැක අදාළ සිද්ධිය පිළිබඳව පොලීසියට දැනුම් දී තිබේ.

තුවාල ලැබූ ශිෂ්‍යයා රෝහලට ඇතුළු කිරීමෙන් පසු මරණයට පත්ව ඇති බව ද සඳහන්ය.

කැන්සාස්හි වෙඩි තැබුමකින් මෙරට ශිෂ්‍යයෙක් මියයයිසිද්ධිය සිදුවී මිනිත්තු කිහිපයට පසු එම ස්ථානයට පාරිභෝගියකු පැමිණ ඇති අතර ඔහු තුවාල ලබා සිටි සුජේන්ද්‍ර රෝහලකට ඇතුළු කිරීමට හෝ පොලීසිය වෙත දැනුම් දීමට උත්සාහ නොකර පිරවුම්හලෙන් මුදල්ද සොරකම් කරගෙන අදාළ ස්ථානයෙන් පලා ගොස් ඇති බව ද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

වෙඩි තැබීමේ සිද්ධියට සැකකරන පුද්ගලයාගේ හා මුදල් රැගෙන පලා ගිය පාරිභෝගිකයාගේ ඡායාරූප පිරවුම්හලෙහි නිරීක්ෂණ පද්ධතිය හරහා හඳුනාගැනීමට පොලීසියය හැකියාව ලැබී තිබේ

වෙඩි තැබූ පුද්ගලයා විසින් පිරවුම්හලෙහි වූ භාණ්ඩ කිහිපයක් රැගෙන පලාගොස් ඇති අතර මුදල් සොරාගෙන ගොස් නොමැති බව ද සඳහන්ය.

සිද්ධියෙන් මරණයට පත්වූ සුජේන්ද්‍ර අමරසිංහම් කැනාස් නගරයේ මිෂුෂුරි විශ්ව විද්‍යාලයේ විද්‍යුත් හා පරිගණක ඉංජිනේරු විද්‍යාව පිළිබඳව අධ්‍යාපනය ලබමින් සිට ඇති අතර මාස 3 ක පමණ කාලයට සිට එම පිරවුම්හලෙහි සේවය කර ඇති බව ද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.



ජාතික වාරි කෞතුකාගාරයක් ඇරඹීමට පියවර තැබෙයි

Dec 30,2010

මෙරට වාරි කර්මාන්තයේ ඉතිහාසය සහ වාරි ක්ෂේත්‍රයේ ගමන් මග පිළිබඳ ශ්‍රී ලාංකිකයින්ට සහ විදේශිකයන්ට අවබෝධයක් ලබාදීම පිණිස ජාතික වාරි කෞතුකාගාරයක් ආරම්භ කිරීමට පියවර ගෙන තිබේ.

මහවැලි කේන්ද්‍රයට අනුබද්ධව මෙම වාරි කෞතුකාගාරය ආරම්භ කරන බව වාරිමාර්ග හා ජල සම්පත් කළමනාකරණ අමාත්‍යාංශය සඳහන් කරනු ලැබීය.

විශේෂයෙන් මෙරට පැරණි වාරි තාක්ෂණය හා මහවැලි සංවර්ධන ව්‍යාපාරයේ ආරම්භය, වර්තමානය මෙන්ම අනාගතය පිළිබඳ තොරතුරු මෙම කෞතුකාගාරයට ඇතුළු කිරීමට නියමිතව ඇත.

වසර 2,500ට එපිට ඉතිහාසයක් ඇති මෙරට වාරි තාක්ෂණයට සමකල හැකි තාක්ෂණයක් වෙනත් රටවල ඉතිහාසයන් තුළ දක්නට නොලැබෙන බව අමාත්‍යාංශය පවසයි.

ලංකා, ශ්‍රී ලංකාට මාරුවෙයි

Dec 30,2010

"ලංකා" ලෙස නම ආරම්භ වන සියලුම රජයේ ආයතන වල නම මින් ඉදිරියට "ශ්‍රී ලංකා" ලෙස භාවිත කිරීමට රජය තීරණය කර ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරයි



වව්නියාව බන්ධනාගාර සිද්ධිය ගැන පුළුල් පරීක්ෂණයක්



Dec 30,2010

වව්නියාව බන්ධනාගාර රැඳවියන් අතර ඇතිවු නොසන්සුන්තාව සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් ආරම්භ කර ඇතැයි බන්ධනාගාර කොමසාරිස් ජනරාල් වී. ආර්. ද සිල්වා මහතා පවසයි.

ඊයේ පස්වරුවේ රැඳවියන් දෙපිරිසක් අතර දැඩි නොසන්සුන්තාවයක් ඇතිවු බව ඔහු සඳහන් කළේය.

බන්ධනාගාර නිලධාරීන්ගේ හා පොලිසියේ මැදිහත් වීමෙන් තත්ත්වය පාලනය කළ බව ද වී. ආර්. ද සිල්වා මහතා පෙන්වා දෙයි.

අනුරාධපුර බන්ධනාගාරයට මාරු කර යැවු රැඳවියෙකු වහා ගෙන්වන ලෙස බල කරමින් රැඳවියන් පිරිසක් මෙසේ කලහාකාරී ලෙස හැසිරුණු බව ඔහු සඳහන් කළේය.

අනුරාධපුර බන්ධනාගාරයට මාරු කර යැවු අදාළ රැඳවියා කිසිදු හේතුවක් මත යළි වව්නියාව බන්ධනාගාරයට ඇතුළත් නොකරන බව වී. ආර්. ද සිල්වා මහතා පැවසුවේය.

ළමා අපචාරයකට සම්බන්ධ බවට චෝදනා මත මන්නාරම මහේස්ත්‍රාත්වරයාගේ නියමය පරිදි වව්නියාව බන්ධනාගාරයට ඇතුළත් කෙ‍රුණු පූජකවරයෙක් සම්බන්ධයෙන් බන්ධනාගාර රැඳවියන් දෙපිරිසක් අතර මෙම ගැටුමේ මූලාරම්භය පසුගියදා ඇතිවිය.

ගැටුමෙන් තුවාල ලැබු රැඳවියන් දෙදෙනෙකු රෝහල්ගත කෙරුණු අතර එම සිද්ධියට මුල් වු ප්‍රධාන රැඳවියෙකු අනුරාධපුර බන්ධනාගාරයට මාරු කර යැවීමට බන්ධනාගාර නිලධාරීන් පියවර ගනු ලැබීය.

දුම්රිය පැමිණිලි, තොරතුරු හා යෝජනා සඳහා අමතන්න



Dec 30,2010

දුම්රිය තුළ හෝ දුම්රිය පරිශ්‍රයන් ‍තුළ හදිසි අවශ්‍යතාවන් සඳහා මඟීන්ට තොරතුරු දැන ගැනීමට සහ පැමිණිලි ඉදිරිපත් කිරීමට හදිසි දුරකථන අංකයන් කිහිපයක් දුම්රිය දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයට පත් කර තිබේ.

අද(30) සිට එම දුරකථන අංකයන් පැය 24 පුරාම ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බව එම දෙපාර්තමේන්තුවේ සැලසුම් කටයුතු පිළිබඳ අධ්‍යක්ෂ විජය සමරසිංහ මහතා සඳහන් කළේය.

හදිසි දැනුම්දීමක් සඳහා 011 -3135202 දරන අංකයෙන් ප්‍රධාන දුම්රිය පාලක කාර්යාලයද, දුම්රියක් පිළිබඳව තොරතුරු විමසීමට 011 -2434215 දරන දුරකථන අංකයෙන් කොළඹ -කොටුව දුම්රිය ස්ථානයේ විමසීම් අංශය ද ඇමතිය හැකි බව ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් පැහැදිලි කරන විජය සමරසිංහ මහතා ප්‍රකාශ කළේය.

එමෙන්ම නව අදහස් හා යෝජනා ඇත්නම් ඒවා 071 4393102 දරන අංකයෙන් සැලසුම් අධ්‍යක්ෂටද, ආරක්ෂක කටයුතු සම්බන්ධව යම්කිසි පැමිණිල්ලක් ඇත්නම් පැය 24 පුරාම ක්‍රියාත්මක වන ආරක්ෂක මෙහෙයුම් කාර්යාලයේ 011 -2347988 දරන දුරකථන අංකයට ද ඇමතිය හැකිය.



රුපියල් ලක්ෂ 2000ක හොර සිගරට් අල්ලයි

Dec 30,2010

අනවසරයෙන් මෙරටට ගෙන්වූ රුපියල් ලක්ෂ 2000ක් වටිනා සිගරැට් මිලියන 10 ක තොගයක් ශ්‍රී ලංකා රේගුව අත්අඩංගුවට ගෙන තිබේ. මේ වසරේ අත්අඩංගුවට ගත් විශාලම සිගරැට් තොගය මෙය වෙයි. වියට්නාමයේ නිෂ්පාදිත “ගෝල්ඩ්සීල්” නමැති මේ සිගරැට් තොගය අඩි 40ක් දිග කන්ටේනරයක අසුරා තිබූ බව ශ්‍රී ලංකා රේගු අධිකාරියේ අධ්‍යක්ෂ ජෙනරාල් සුධර්මා කරුණාරත්න මහත්මිය පවසයි.

මධ්‍යම බුද්ධි අංශයේ 2471471 දුරකථන සේවාවට ලැබුණු ඔත්තුවක් අනුව මේ වැටලීම සිදුකර තිබේ.



වරාය අධිකාරියේ ලාභය බදු ගෙවු පසු බිලියන 2.1යි

Dec 30,2010

බදු ගෙවීමෙන් පසු 2009 වසර තුළ ශ්‍රී ලංකා වරාය අධිකාරිය රුපියල් බිලියන 2.1ක ලාභයක් ලබාගෙන තිබේ.

ශ්‍රී ලංකා වරාය අධිකාරියේ වාර්ෂික වාර්තාව අනුව 2008 ට සාපේක්‍ෂකව ශ්‍රී ලංකාවරාය අධිකාරියේ වාර්ෂික වාර්තාව අනුව 2008 ට සාපේක්‍ෂකව ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සේවක පිරිවැය සියයට 5.9කින් අඩු කර ගෙන තිබේ. ගෝලීය අර්බුදය හමුවේ ප්‍රතිචාර දක්වමින් සමස්ත මෙහෙයුම් පිරිවැය රුපියල් මිලියන 21.389ක් ලෙස පහත වැටී ඇත.

ජාත්‍යන්තර නෞකා සමාගම් විශාල මූල්‍ය අර්බුදයකට ලක් වූ මොහොතක 2009 වර්ෂයේදී රුපියල් බිලියන 2.1ක දැවැන්ත ලාභයක් ඉපයීම ශ්‍රී ලංකා වරාය අධිකාරිය ලැබූ සුවිශේෂී ජයග්‍රහණය ක් බව, වාර්ෂික වාර්තාව පෙන්වා දෙයි.

මේ ලාභය ලබා ගෙන ඇත්තේ සියලු වියදම් දැරීමෙන් අනතුරුවය. එමෙන්ම කොළඹ වරාය බහලුම් මෙහෙයුම් මිලියන 3.4කට අධික ප්‍රමාණයක් මෙහෙයවා තිබේ.

මාගම්පුර මහින්ද රාජපක්‍ෂ වරායේ පළමු අදියර සඳහා චීනයේ එක්ෂින් බැංකුව ඇමැරිකානු ඩොලර් මිලියන 372 ක දීර්ඝ කාලින ණය. මුදලක් ලබාදී තිබේ. කොළඹ වරාය පුළුල් කිරීමේ ව්‍යාපෘතිට ආසියානු සංවර්ධිත බැංකුව ඇමරිකානු ඩොලර් මිලියන 300ක දීර්ඝ කාලීන ණය මුදලක් ලබාගෙන ඇත. මේ ණය මුදල් පියවීම සඳහා ඉදිරියේදී කටයුතු කරන බව, ශ්‍රී ලංකා වරාය අධිකාරිය කියයි.

රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද වාර්තාවේ සඳහන් වන රුපියල් කෝටි 2253 මුදල ව්‍යාපෘති ඉදි කරන සමාගම් වෙත ගෙවීම්වල වටිනාකම වේ. එහි ශ්‍රී ලංකාවරාය අධිකාරිය වෙත ලබාදුන් ණය මුදලක් ලෙස අර්ථකථනය කිරීම සාවද්‍යය බව ශ්‍රී ලංකා වරයා අධිකාරිය පවසයි.


ඕස්ට්‍රේලියාවේ ක්වින්ස්ලන්තයට ගංවතුර



Dec 30,2010

දසක කිහිපයකට අනතුරුව ඕස්ට්‍රේලියාවේ ක්වින්ස්ලන්තයට බලපෑ දරුණු ගංවතුරින් අනාථවූවන්ට සහන සලසන සහන සේවකයන්.

වයස 12ට අඩු ළමුන්ට නොමිලේ සත්තු වත්ත නැරඹීමට අවස්ථාවක්



Dec 30,2010

වයස අවුරුදු 12ට අඩු ළමුන්ට හෙට සහ අනිද්දා යන දෙදින තුළ දෙහිවල ජාතික සත්වෝද්‍යානය නොමිලේ නැරඹීම සඳහා අවස්ථාව ලබාදී තිබේ.

ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ උපදෙස් මත මෙම තීරණය ගත් බව දෙහිවල ජාතික සත්වෝද්‍යානයේ අධ්‍යක්ෂ බාස්වර සේනාංක ගුණරත්න මහතා සඳහන් කළේය.

නව වසරේ උදාව සහ පාසල් නිවාඩු කාලය නිමිති කරගෙන මෙම අවස්ථාව ලබාදීමට කටයුතු කර ඇති බව ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

ඒ අනුව 31 වැනිදා සහ ජනවාරි පළමු වැනිදා වයස අවුරුදු 12ට අඩු ළමුන්ට නොමිලයේ දෙහිවල ජාතික සත්වෝද්‍යානය නැරඹීම සඳහා අවස්ථාව හිමිවනු ඇත.

No comments:

Post a Comment