Pages

Thursday, December 23, 2010

කෝටි හතේ මංකොල්ලයේ මුදල් තොගයක් සොයා ගනී


දෙසැ.23- පෞද්ගලික බැංකුවක රුපියල් කෝටි හතක මුදල් කොල්ලයට සම්බන්ධ මහමොලකරු, එම මුදල් වලින් මිලදී ගත් රුපියල් ලක්ෂ 35 ක් පමණ වටිනා ගෘහ භාණ්ඩ තොගයක් සොයා ගෙන තිබේ.
එයට අමතරව ඔහු සතුව තිබූ රුපියල් ලක්ෂ 18 මුදල් තොගයක් ද පොලීසිය භාරයට ගැනිණි.

උසස් පොලිස් නිලධාරියෙකු පැවසුවේ සැකකරු සතු ඉඩමක ලිදක දමා තිබියදී තවත් ගිනි අවි දෙකක්ද සොයාගත් බවය.

එම ගිනි අවි කොල්ලකෑම වන අවස්ථාවේ ආරක්ෂක නිලධාරීන් සතුව තිබූ ඒවා බව ද ඔහු සදහන් කළේය.

මේ අතර කොල්ලකෑමට සම්බන්ධ ප්‍රධාන සැකකරු විසින් එම මුදල් යොදවා රුපියල් ලක්ෂ 40 ක් පමණ වටිනා ඉඩමක් සහ නිවසක් ද ‍මිලදී ගෙන තිබේ.

පරීක්ෂණ වලදී අනාවරණ වී ඇත්තේ එයට අමතරව ඔහු අවස්ථා කිහිපයකදී සිංගප්පූරුවට සහ ඉන්දියාවට ද ගොස් ඇති බවය.

මහ කොළඹ ‍කොට්ඨාසය භාර නියෝජ්‍ය පොලිස්පති දයා සමරවීර මහතාගේ මෙහයවීම යටතේ ඒ පිළිබද වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මක කෙරේ

No comments:

Post a Comment