Pages

Wednesday, December 22, 2010

යුක්තිය ඉටුවෙයිද? අපි බලාගන්නම්-රාහුල් ගාන්ධිගෙන් දැඩි ප්‍රකාශයක්

යුක්තිය ඉටුවෙයිද? අපි බලාගන්නම්-රාහුල් ගාන්ධිගෙන් දැඩි ප්‍රකාශයක්ශ්‍රී ලංකා ආණ්ඩුව ද්‍රවිඩ ජනයාට ප්‍රමාණවත් ලෙස සලකා නොමැති බව ඉන්දීය කොංග්‍රසයේ නායක රාහුල් ගාන්ධි මහතා පවසයි.

ද්‍රවිඩ ජනයාට යුක්තිය ඉටුවන්නේද යන්න පිළිබඳ තමන් බලාගන්නා බව හෙතෙම අද ඉන්දීය මාධ්‍යය අමතා ප්‍රකාශ කළ බව විදෙස් මාධ්‍ය උපුටා දක්වයි.

ශ්‍රී ලංකාවේ ද්‍රවිඩ ජනයා සම්බන්ධයෙන් වන ගැටලුව අදාළ බලධාරීන් සමග බේරාගන්නට තමන් ක්‍රියා කරන බව රාහුල් ගාන්ධි මහතා අවධාරණය කර තිබේ.

තමිල්නාඩුවේ ද්‍රවිඩ ජාතික දේශපාලන පක්ෂ විසින් ශ්‍රී ලංකාවේ ද්‍රවිඩ ජනයාගේ ගැටලු පිළිබඳ අවදානයෙන් සිටින බව කියා සිටින ඔහු උතුරේ යළි පදිංචි කිරීම්,ද්‍රවිඩ තරුණ තරුණියන් පුනරුත්ථාපනය කිරීම ආදිය ප්‍රමාද වීම සම්බන්ධයෙන් ඔහු සිය කනගාටුව ප්‍රකාශ කර ඇත.

‍මේ වන විටත් උතුරේ අවතැන් කඳවුරු වල 30,000 ක පමණ ජනතාවක් සිරකර සිටින බව පසුගිය මාසයේ දී තමිල්නාඩු ප්‍රධාන අමාත්‍ය එම්.කරුණානිධි මහතා පෙන්වා දී තිබුණු බවත්,එය ඉතා බැරෑරුම් තත්ත්වයක් බවත් ගාන්ධි මහතා වැඩිදුරටත් අවධාරණය කර තිබේ. 

No comments:

Post a Comment