Pages

Wednesday, December 1, 2010

විකිලීක්ස්' නිර්මාතෘ අත්අඩංගුවට ගැනීමට ජාත්‍යන්තර වරෙන්තුවක්

විකිලීක්ස්' නිර්මාතෘ අත්අඩංගුවට ගැනීමට ජාත්‍යන්තර වරෙන්තුවක්


දෙසැ.01- විකිලීක්ස් වෙබ් අඩවියේ නිර්මාතෘ ජුලියන් ඇසෙන්ජර් අත්අඩංගුවට ගැනීම සදහා ඉන්ටර්පෝල් හෙවත් ජාත්‍යාන්තර පොලීසිය රතු නිවේදනයක් නිකුත් කර තිබේ.
ජාත්‍යාන්තර පොලීසිය පැවසුවේ, ලිංගික අපරාධ සම්බන්ධයෙන් ඇසෙන්ජේ අත්අඩංගුවට ගැනීමට ස්වීඩනයට අවශ්‍ය බවය.

ඔස්ට්‍රේලියාවේ උපත ලද විකිලීක්ස් වෙබ් අඩවියේ නිර්මාතෘවරයා කුමන රටක ජීවත්වන්නේදැයි, නොදන්නා බව රොයිටර් වාර්තා කළේය.

ඒ අතර තම පුත්‍රයා දඩයම් නොකරන ලෙස විකිලීක්ස් වෙබ් අඩවියේ නිර්මාතෘවරයාගේ මව වන ක්‍රිස්ටීන් ඇසෙන්ජේ ජාත්‍යාන්තර පොලීසියෙන් ඉල්ලා සිටින්නීය.

ඔස්ට්‍රේලියාවේ ජීවත් වන ඇය පවසා ඇත්තේ, ජුලියන් අත්අඩංගුවට ගැනීමට රතු නිවේදනයක් නිකුත් කළ බව ඇසීමෙන් තමන් තැතිගැන්මකට ලක්ව සිටින බවය.

No comments:

Post a Comment