Pages

Wednesday, December 1, 2010

ලන්ඩන්හිදී ජනපතිට එරෙහිව උද්ඝෝෂණයක්

ලන්ඩන්හිදී ජනපතිට එරෙහිව උද්ඝෝෂණයක්

ශී‍්‍ර ලංකා ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ඊයේ (නොවැ.) ලන්ඩන්හි හීත්‍රෝ ගුවන්තොටුපලට ළඟා වූ අවස්ථාවේදී දෙමළ ජාතිකයින් පිරිසක් උද්ඝෝෂණයක් පවත්වා තිබේ.
එල්ටීටීඊ හිතවාදීන් යැයි පැවසෙන එම පිරිස දිවයිනේ පැවති යුුද සමයේදී අපරාධ සිදුවූ බවට චෝදනා කරමින් ප‍්‍රචාරක පුවරු ප‍්‍රදර්ශනය කොට ඇත.

ඔවුන්ගේ විරෝධතාව මධ්‍යයේ රාජපක්‍ෂ මහතා ඇතුළු ශී‍්‍ර ලංකා දූත පිරිස ප‍්‍රභුවරුන්ගේ පිටවීම් දොරටුවෙන් පිටත්ව ගියේය.

ලන්ඩන්හි ඔක්ස්ෆර්ඞ් විශ්වවිද්‍යාලයේ ශී‍්‍ර ලංකා ශිෂ්‍ය සංගමයේ ආරාධනයෙන් රාජපක්‍ෂ මහතා බි‍්‍රතාන්‍යයේ චාරිකාවක නියැලී සිටී.

එම සංගමය අමතා ඔහු දේශනයක් පැවැත්වීමට නියමිතයි.

 
Bookmark and Share
 

No comments:

Post a Comment