Pages

Wednesday, December 1, 2010

තමිල් සෙල්වම්ගේ ලැප්ටොප් යන්ත‍්‍රය සොයා ගනී


එල්ටීටීඊ දේශපාලන අංශ නායකයාව සිටි තමිල් සෙල්වම් මහතාගේ පෞද්ගලික ලැප්ටොප් යන්ත‍්‍රය වෙල්ලමුල්ලවයික්කාල් ප‍්‍රදේශය තුළ කරන ලද කැණීමකදී ඊයේ (30) සොයා ගත් බවත්, එහි අතිශයින්ම රහසිගත තොරතුරු රාශියක් ඇතුළත්ව තිබූ බවත් ආරක්‍ෂක අංශ උපුටා දක්වමින් ‘ලක්බිම’ පුවත්පත අද වාර්තා කර තිබේ.
අත්අඩංගුවට පත් එල්ටීටීඊ සාමාජිකයෙකු විසින් හෙළි කරන ලද තොරතුරු මත වෙල්ලමුල්ලවයික්කාල් ප‍්‍රදේශයේ ස්ථාන කිහිපයක කැණීම් කටයුතු ඊයේ හවස වනතුරුත් ක‍්‍රියාත්මක වී ඇත. තමිල් සෙල්වම් මහතාගේ ලැප්ටොප් යන්ත‍්‍රයට අමතරව එල්ටීටීඊ දේශපාලන අංශ කාර්යාලයේ තිබූ පරිගණක කිහිපයක් ද රහසිගත ලියකියවිලි රාශියක් ද මෙම කැණීම්වලදී සොයා ගෙන තිබේ.

1 comment:

  1. ඕකට "මහතා" කියන්න එපා. උන් මහත්තුරු නෙම්, සත්තු. සත්තු කියන එක සත්තුන්ටත් අවනම්බුවක්.

    ReplyDelete